ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට

ඡායාරූප මූලාශ්‍රය, AP
ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් පරාජයට පත් කරමින් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ හතළිස් පස් වැනි ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතයි.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපාන තීරණාත්මක ප්‍රාන්ත තහවුරුකර ගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ජයග්‍රහණය හිමි කර ගෙන තිබෙන්නේ මාස ගණනක් පුරා පැවති මත විමසුම්වලදී ජනාධිපතිවරණයේ වාසිය ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් හිමි කරගනු ඇතැයි ප්‍රකාශ කර තිබියදීය.
ෆ්ලොරිඩා, ඔහායෝ සහ උතුරු කැරොලයිනා ප්‍රාන්ත ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය මාවත හෙළි කර දීමට ඉවහල් විය.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හමුවේ ජාත්‍යන්තර කොටස් වෙළඳපොළ ශීඝ්‍ර පහත යාමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.





