ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිලන්ත රජතුමා දැයෙන් සමු ගනී
තායිලන්ත ජනතාව අතර ගරු බුහුමන් ලබමින්, වත්මන් ලෝකයේ වැඩිම කලක් සිහසුන දැරූ පාලකයා වූ භූමිපාල් අතුලතේජ් රජතුමා දිවියෙන් සමු ගන්නා විට අසූ අට වෙනි වියේ පසු විය.
ඔහු පුරා වසර හැත්තෑවක් තායිලන්ත රාජ්‍යයත්වය දැරීය.
රජතුමා වසර කීපයක් රෝගාතුරවයි සිටියේ.
බොහෝ තායි ජාතිකයෝ රෝගාතුර රජතුමා ප්‍රතිකාර ලබමින් සිටි රෝහල ඉදරිපිට රෝස පැහැති ඇඳුමින් සැරසී රජතුමාට සුවය පතමින් සිටියහ.
ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ උපත ලද භූමිපාල් අතුලතේජ් රජු තායිලන්ත සිහසුනට පත් වන්නේ සිය සොහොයුරු ආනන්ද මහීපාල් රජුගේ අභාවයෙන් පසු 1946 වසරේ ජූනි මස නම වෙනි දිනයි.
තායිලන්තයේ ඇති වූ සියලුම රාජ්‍ය කුමන්ත්‍රණ සහ බල පෙරළි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විස්සක් ක්‍රියාත්මක කෙරුණ කාලපරාශයක් තුළ සිදු වූ වෙනස්කම් හමුවේ භූමිපාල් අතුලතේජ් රජතුමා රටේ එක්සත් භාවය රැක ගැනීමට මහත් පිටිවහලක් සපයන ලද නායකයකු ලෙස හඳුන්වනු ලබයි.
කෙසේ වෙතත් ඇතැම් විවේචකයන්ගේ තර්කය වන්නේ තායිලන්තයේ බලය අල්ලාගත් මිලිටරි ජුන්ටාවට රජතුමාගේ සහයෝගය ලැබුණු අතර රටේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව නැගී සිටීමට ඔහු අසමත් වූ බවය.