තායිලන්ත රජතුමා දැයෙන් සමු ගනී

Thai King Bhumibol Adulyadej, pictured in 2010

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, භූමිපාල් අතුලතේජ් රජතුමා

තායිලන්ත ජනතාව අතර ගරු බුහුමන් ලබමින්, වත්මන් ලෝකයේ වැඩිම කලක් සිහසුන දැරූ පාලකයා වූ භූමිපාල් අතුලතේජ් රජතුමා දිවියෙන් සමු ගන්නා විට අසූ අට වෙනි වියේ පසු විය.

ඔහු පුරා වසර හැත්තෑවක් තායිලන්ත රාජ්‍යයත්වය දැරීය.

Thai well-wishers weep as they pray for Thai King Bhumibol Adulyadej's recovery at the Siriraj Hospital in Bangkok, Thailand, 13 October 2016

ඡායාරූප මූලාශ්‍රය, EPA

රජතුමා වසර කීපයක් රෝගාතුරවයි සිටියේ.

බොහෝ තායි ජාතිකයෝ රෝගාතුර රජතුමා ප්‍රතිකාර ලබමින් සිටි රෝහල ඉදරිපිට රෝස පැහැති ඇඳුමින් සැරසී රජතුමාට සුවය පතමින් සිටියහ.

ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ උපත ලද භූමිපාල් අතුලතේජ් රජු තායිලන්ත සිහසුනට පත් වන්නේ සිය සොහොයුරු ආනන්ද මහීපාල් රජුගේ අභාවයෙන් පසු 1946 වසරේ ජූනි මස නම වෙනි දිනයි.

A well-wisher wears a shirt saying 'We love the king' in Bangkok on 13 October 2016

ඡායාරූප මූලාශ්‍රය, Reuters

තායිලන්තයේ ඇති වූ සියලුම රාජ්‍ය කුමන්ත්‍රණ සහ බල පෙරළි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විස්සක් ක්‍රියාත්මක කෙරුණ කාලපරාශයක් තුළ සිදු වූ වෙනස්කම් හමුවේ භූමිපාල් අතුලතේජ් රජතුමා රටේ එක්සත් භාවය රැක ගැනීමට මහත් පිටිවහලක් සපයන ලද නායකයකු ලෙස හඳුන්වනු ලබයි.

කෙසේ වෙතත් ඇතැම් විවේචකයන්ගේ තර්කය වන්නේ තායිලන්තයේ බලය අල්ලාගත් මිලිටරි ජුන්ටාවට රජතුමාගේ සහයෝගය ලැබුණු අතර රටේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව නැගී සිටීමට ඔහු අසමත් වූ බවය.