ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිලන්තයේ අතුලතේජ් රජතුමා රෝහලේ
තායිලන්තයේ භූමිපාල් අතුලතේජ් රජුගේ සෞඛ්‍යය ඉතා අයහපත් තත්වයක පවතින බව ඔහුට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරු පවසති.
භූමිපාල් රජු රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබුණ අතර මේ වන විට කෘතිම ශ්වසනය ලබා දෙමින් ඇති බවයි තායිලන්ත රජ මාලිගය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ.
අතුලතේජ් රජුගේ සෞඛ්‍යය තත්වය සැලකිල්ලට ගනිමින් ඔහුට පැවරී ඇති රාජකාරී කටයුතු සියල්ලෙන්ම ඉවත් කර තබන මෙන් ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍ය කණ්ඩායම විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇත.
අවුරුදු හැත්තෑවක් තරම් දීර්ඝ කාලයක් රජකම් කරන තායිලන්ත රජතුමා මහජනයා අතර ගෞරවාදරය හිමි පාලකයකු වෙයි.
ඔහු ලෝකයේ වැඩිම කාලයක් සිහසුනේ සිටින රජතුමා වෙයි.
කෙසේ වෙතත් පසුගිය මාස කීපය තුළ රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වීම නිසා රජතුමාට එම කාලය තුළ ජාතිය ඇමතීමට හෝ උත්සව වලට සහභාගී වීමට නොහැකි විය.