ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඕස්ට්‍රේලියාව සමලිංගික විවාහ නීති ඡන්ද සැළසුම ආපසු හරවයි
සමලිංගිකයන් අතර විවාහ සිදුකිරීම නීත්‍යානුකුල කිරීමේ අරමුණින් පැවැත්වීමට යන ඡන්ද විමසීමේ සැලැස්මට සහය නොදෙන බව ඕස්ට්‍රේලියාවේ විරුද්ධ පක්ෂකණ්ඩායම පවසයි.
ඔවුන් පවසන්නේ සමලිංගික විවාහ පිලිබඳ තීරණය පාර්ලිමේන්තුව විසින් ගත යුතු බවයි.
නීතිය වෙනස් කළ යුතුද නැත්ද යන තීරණය ගැනීම සඳහා ලබන වසරේ දී ඡන්දයක් පැවැත්වීම සඳහායියි අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සැලසුම් කොට තිබුණේ.
එම සැලසුමට විරුද්ධව අදහස් දක්වන පිරිස් පවසන්නේ ඡන්දයක් පැවැත්වීම මුදල් අපතේ යැවීමක් මෙන්ම සමලිංගිකයන් පිලිබඳ අනවශ්‍ය බියක් සමාජය තුළ ඇතිකිරීමක් බවයි.
තීරණය පාර්ලිමේන්තුව තුළින් සම්මත කරගතයුතු බවයි කම්කරු පක්ෂය පවසන්නේ.
විරුද්ධ පක්ෂ සහයෝගයෙන් තොරව ඡන්ද සැලසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට නොහැකිවනු ඇත.
එහෙත් පාර්ලිමේන්තු අනුමැතියකින් තීරණයක් ගන්නේද යන්න පිළිබඳව අගමැතිවරයා මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
ඕස්ට්‍රේලියාවේ දැනට පවතින නීතිය අනුව විවාහය යන්න අර්ථ දැක්වෙන්නේ කාන්තාවක් සහ පුරුෂයෙක් අතර සිදුවන සම්බන්ධයක් ලෙසයි.
සමාන ලිංගිකත්වයෙන් යුතු දෙදෙනෙකුට විවාහ වීමට හැකිවන පරිදි නීතිය වෙනස් විය යුතුද යන ප්‍රශ්ණය ලබන පෙබරවාරි මාසයේ දී ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඇසීමේ සැළසුමකුයි අග්‍රාමාත්‍යවරයා සතුව ඇත්තේ.
2011 වසරේ ජන සංඛ්‍යාලේඛන අනුව සම ලිංගික ජෝඩු 33,700 ක් ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වේ. එය සියලුම විවාහක ජෝඩු සංඛ්‍යාවෙන් 1% කි.
ඕස්ට්‍රේලියානුවන්ගෙන් 60% සහ 72% අතර සංඛ්‍යාවක් සමලිංගික විවාහ නීතිගත කළ යුතුය යන මතය දරණ බවයි සමීක්ෂණ වාර්තා අනුව හෙළිවන්නේ.