ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඉස්ලාම් රාජ්‍ය පාලන ප්‍රදේශ හතරෙන් එකකින් අඩුවෙලා'
ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කණ්ඩායමේ පාලනයේ පැවති භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකකට වැඩි කොටසක් ඔවුන්ට අහිමි වී ඇති බව ප්‍රධාන පෙළේ ආරක්ෂක විශ්ලේෂකයින් කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.
IS සන්නද්ධ කණ්ඩායම් ප්‍රබලතම තත්වයේ සිටි 2015 වසරේ දී ඔවුන්ගේ පාලනයේ තිබුණු භූමි ප්‍රමාණය දැන් 28% දක්වා අඩු වී ඇති බව එම අධ්‍යයන වාර්තාවේ සඳහන් වේ.
ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම් සතුව ශ්‍රී ලංකාවේ විශාලත්වයට සමාන වූ භූමි ප්‍රමාණයක් පමණක් දැන් ඉතිරිව තිබෙන බවයි වාර්තාවන්නේ.
ඔක්තෝබර් මාසය දක්වා වූ මාස තුනක කාලය ඇතුළත ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන්ගේ පරාජයන් වල අඩුවක් දක්නට ලැබුණු නමුත් ඔවුන් සතුව තිබුණු යුදමය වශයෙන් වැදගත්කමක් ඇති තුර්කි දේශ සීමාවට නුදුරු සිරියානු නගරයක් වන මන්බිජ් සහ ඉරාකයේ මෝසුල් නගරයට දකුණින් පිහිටි ගුවන් හමුදා කඳවුර ද මේ වනවිට ඔවුන්ට අහිමි වී තිබේ.