ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩකා අපනශාලා ප්‍රහාර සැලසුම්කරු මරා දැමෙයි
පුද්ගලයන් විසිදෙනෙකුට වැඩි පිරිසකට මරු කැඳවමින් පසුගිය මාසයේ බංග්ලාදේශයේ ඩකා අගනුවර ආපනශාලවකට එල්ලකළ ප්‍රහාරය සැලසුම් කළ බවට සැලකෙන සැකකරු වෙඩිතබා මරා දැමූ බව එරට පොලීසිය පවසයි.
ඩකා අගනුවර අසල සිදුකෙරුණු ත්‍රස්ත විරෝධී මෙහෙයුමක දී තමීම් චෞද්‍රි නම් සැකකරු මියගිය බවයි පොලීසිය පවසන්නේ.
වාර්තාවන ආකාරයට අවම වශයෙන් තවත් සන්නද්ධකරුවන් දෙදෙනෙකු මරා දමා තිබේ.
තමීම් චෞද්‍රි පිලිබඳ තොරතුරු ලබා දෙන්නෙකුට ඩොලර් විසි පන්දහසක මුදලක් ලබාදෙන බවටයි සති කිහිපයකට පෙර දැන්වීම් පළවී තිබුණේ