මියන්මාරයේත් භූමි කම්පාවක්

මියන්මාරයේ මධ්‍යම කලාපයේ භූමි කම්පාවක් ඇති වී තිබෙන අතර පුද්ගලයන් තිදෙනකු මරුමුවට පත් වී ඇති බව වාර්තා වේ.

රික්ටර් මාපකයේ 6.8 ක් සටහන් කළ භූමි චලනයේ කම්පනය දුරින් පිහිටි තායිලන්තයේ බැංකොක් නුවරට, බංගලාදේශයේ ඩකා අගනුවරට සහ ඉන්දියාවට ද දැනී තිබේ.

පෞරාණික බගාන් (Bagan) නගරයේ පිහිටි ප්‍රසිද්ධ විහාරස්ථාන කීපයක් සහ ගොඩනැගිලි ගණනාවකට හානි වී ඇති බව බලධාරීහු පවසති.