ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ආර්මෙනියානුවන් මරා දැමීම ජන සංහාරයක්'-ජර්මනිය
පළමු ලෝක යුද්ධයේ දී තුර්කියේ ඔටෝමන් හමුදා විසින් ආර්මෙනියානුවන් මරා දැමීම ජන සංහාරයක් බවට ප්‍රකාශ කෙරෙන යෝජනාවක් ජර්මානු පාර්ලිමේන්තුව විසින් සම්මත කොට තිබේ.
තුර්කිය විසින් මේ සම්බන්ධව අනතුරු අඟවා තිබුණේ මෙම යෝජනාව රටවල් දෙක අතර මිත්‍රත්වය පලුදු වීමට හේතුවක් වනු ඇති බව සඳහන් කරමින්.
වසර සියයකට පෙර ලක්ෂ පහකට අධික ආර්මෙනියානුවන් සංඛ්‍යාවක් තුර්කි ජාතිකයන් විසින් ක්‍රමානුකූලව මරා දැමුණු බවයි ආර්මේනියාව පවසන්නේ.
මියගියේ යැයි පැවසෙන සංඛ්‍යාව පිළිබඳව විශ්වාසයක් නැති බව පවසන තුර්කිය පවසන්නේ සැලසුම් ගත ජන සංහාරයක් සිදුවී නැති බවයි.
මෙම පාර්ලිමේන්තු ඡන්ද විමසීම සිදුවූයේ ජර්මානු චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් අනවසර සංක්‍රමණික ගැටලුව පිළිබඳව තුර්කිය සහ යුරෝපා සංගමය අතර සාකච්චා පැවැත්වීමට නියමිතව ඇති දුෂ්කර කාල සීමාවක දීය.