ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'හිරෝෂිමාව මිනිසුන් වැනසීමට මිනිසුන්ට ඇති හැකියාවට නිදසුනක්'
ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ධුරයේ සිටියදී1945 දී දෙවන ලෝක යුද්ධය නිමා වීමට හේතුවූ න්‍යෂ්ටික බෝම්බයෙන් විනාශයට පත් වූ ජපානයේ හිරෝෂිමා නගරයේ සංචාරයක යෙදුනු පළමු ඇමරිකානු ජනාධිපතිවරයා බවට විය.
ජපාන අගමැති ෂින්සෝ අබේ සමග ශෝකාකූල මුහුණින් යුතුව පැමිණි ජනාධිපතිවරයා පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පුද්ගලයන් මුණගැසීමෙන් පසු හිරෝෂිමා ස්මාරකය අබියස සුදු පැහැති මල් වඩමක් තැන්පත්කර මියගියවුන්ට තම ගෞරවය පුද කළේය.
ඒ මොහොතේ තම අදහස් දක්වමින් ජනාධිපති බරක් ඔබාමා පැවසුවේ හිරෝෂිමාවට පරමාණු බෝම්බය හෙළීම මගින් සනාථ වුයේ මිනිසුන් විනාශ කිරීමට මිනිසුන්ට ඇති හැකියාව බවයි.
එක්ලක්ෂ හතලිස් දහසක පිරිසක් පරමාණු බෝම්බයට ගොදුරුවී මියගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස පසු දින දෙවන ලෝක යුද්ධය නිමාවට පත්විය.