බුරුමයේ නාය යාමකින් 12ක් මරුට, තවත් 100 ක් වැළලී සිටිය හැකියි

මියන්මාරයේ පිටිසරබද ප්‍රදේශයක 'ජේඩ්' පාෂාණ පතලක් අසල සිදුවූ නාය යාමකින් මේ වන විට අවම වශයෙන් 12 දෙනෙකුවත් මියගොස් ඇති අතර දිවිබෙරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ප්‍රාදේශීය බලධාරීන් බීබීසීයට පැවසුවේ පාකන්ට්හි ජේඩ් පතල නායයාමෙන් පුද්ගලයන් 100 දෙනෙකුවත් ඒ තුළ වැළලී සිටිය හැකි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඩොලර් බිලියන ගණනින් උපයන මෙම ජේඩ් පාෂණ ව්‍යාපාරය රජයේ පාලනයෙන් තොරව සිදුවන්නක් වන අතර අක්‍රමවත් කැනීම් හේතුවෙන් නාය යාම් බහුලව සිදුවීමට හේතුවක් වී තිබේ.
මෙම ජේඩ් නමැති මැණික් වර්ගය සෙවීමට ගල්තලා කඩා දැමීම හේතුවෙන් ස්ථාවර තත්වයේ නැති ගල් කඳු ඉතිරිවන බවයි පැවසෙන්නේ.
පසුගිය වසරේදී සිදු වූ මෙවැනිම නාය යාම් දෙකකින් පුද්ගලයන් සියයකට වඩා මරුමුවට පත්විය.




