ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇෆ්ගනිස්තානයේ තෙල් බවුසර අනතුරකින් හැත්තෑ තුනක් මරුට
ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් සහ තෙල් බවුසරයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් හැත්තෑ තුන් දෙනෙක් මරුමුවට පත් වෙති.
අනතුරෙන් තුවාල ලැබූ පනහකට වැඩි පිරිසක් ගාන්සි පළාතේ රෝහලක් වෙත රැගෙන ගොස් ඇති බවයි එරට බලධාරියකු බීබීසීයට කියා සිටියේ.
කාබුල් අගනුවරට සම්බන්ධ වන ප්‍රධාන මාර්ගයේ අනතුර සිදුවීමත් සමග බස් රථ දෙක සහ තෙල් බවුසරය ගිනි ගෙන තිබේ.
මාර්ග නිසි නඩත්තුවකින් තොර වීම සහ මාර්ග නීති පිලි නොපැදීම හේතුවෙන් බොහෝ විට ඇෆ්ගනිස්තානයෙන් මාර්ග අනතුරු වාර්තා වේ.