ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කුම්බ් මේලා උත්සවයේ ලිංගික සමානාත්මතාවය ඉල්ලා විරෝධයක්
තම අනුගාමික කාන්තාවන්ට කුම්භ මේලා හින්දු උත්සවයේ ශුද්ධ වූ ජලය නෑමට අවසර නොදීමේ හේතුවෙන් හින්දු ආගමික කාන්තා නායිකාවක් පොලවේ වැළලී තම විරෝධය පළ කළාය.
පාරි අඛාරා නම් සංවිධානයේ ආරම්භක නායිකා ත්‍රිකාල් භවන්තා ඉල්ලා සිටියේ ලෝකයේ විශාලතම ආගමික උත්සවයේ ශුද්ධ වූ ජලය ලබා දෙන ලෙසයි.
ඉන්දියාවේ ප්‍රචලිතව පවතින 'අඛාරා' කණ්ඩායම් 13 ක් හඳුනාගෙන තිබෙන අතර ඒ සියල්ලක් පිරිමින් විසින් නායකත්වය දෙන ඒවායි. භවන්තා ගේ කණ්ඩායමේ නීත්‍යනුකුල භාවය ගැන ඇතැමුන් චෝදනා කරන්නෙ එහෙයිනි.
හින්දු ආගමික ස්ථාන වල දී කාන්තාවන්ට සම අයිතීන් නොලැබීම නිරතුරුවම මතු වී එන කරුණක් ව තිබේ.
අඟහරුවාදා විරෝධතාවයේ දී කාන්තා 'සාධු වරියන්' (එසේ නැතහොත් ශුද්ධ වූ කාන්තාවන්) විසින් හාරන ලද ගැඹුරු වලක් තුළ වාඩිවී සිටි භවන්තා ගේ සිරුර පස්වලින් වසා දැමීම ආරම්භ කළ අතර පොලීසිය මැදිහත් වීමෙන් පසු විරෝධය අවසන් විය.
භවන්තා විසින් කාන්තාවන්ගෙන් පමණක් සැදුම් ලත් අඛාරා කණ්ඩායම 2000 වසරේ දී ආරම්භ කළ අතර කාන්තාවන් පමණක් සිටින එකම අඛාරා කණ්ඩායම එය බවටයි සැලකෙන්නේ.