කුම්බ් මේලා උත්සවයේ ලිංගික සමානාත්මතාවය ඉල්ලා විරෝධයක්

Devotees of Indian Hindu Akhara leader Trikal Bhawanta shower her with rose petals as she is sat inside a deep hole in the ground, preparing to undergo a burial ritual on 26 April 2016

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තම නායිකාව පස් වලින් වසා දැමීමට පෙර කාන්තාවන් විසින් අති විශාල වලක් කපා සුදානම් කර තිබුණි

තම අනුගාමික කාන්තාවන්ට කුම්භ මේලා හින්දු උත්සවයේ ශුද්ධ වූ ජලය නෑමට අවසර නොදීමේ හේතුවෙන් හින්දු ආගමික කාන්තා නායිකාවක් පොලවේ වැළලී තම විරෝධය පළ කළාය.

පාරි අඛාරා නම් සංවිධානයේ ආරම්භක නායිකා ත්‍රිකාල් භවන්තා ඉල්ලා සිටියේ ලෝකයේ විශාලතම ආගමික උත්සවයේ ශුද්ධ වූ ජලය ලබා දෙන ලෙසයි.

ඉන්දියාවේ ප්‍රචලිතව පවතින 'අඛාරා' කණ්ඩායම් 13 ක් හඳුනාගෙන තිබෙන අතර ඒ සියල්ලක් පිරිමින් විසින් නායකත්වය දෙන ඒවායි. භවන්තා ගේ කණ්ඩායමේ නීත්‍යනුකුල භාවය ගැන ඇතැමුන් චෝදනා කරන්නෙ එහෙයිනි.

හින්දු ආගමික ස්ථාන වල දී කාන්තාවන්ට සම අයිතීන් නොලැබීම නිරතුරුවම මතු වී එන කරුණක් ව තිබේ.

අඟහරුවාදා විරෝධතාවයේ දී කාන්තා 'සාධු වරියන්' (එසේ නැතහොත් ශුද්ධ වූ කාන්තාවන්) විසින් හාරන ලද ගැඹුරු වලක් තුළ වාඩිවී සිටි භවන්තා ගේ සිරුර පස්වලින් වසා දැමීම ආරම්භ කළ අතර පොලීසිය මැදිහත් වීමෙන් පසු විරෝධය අවසන් විය.

භවන්තා විසින් කාන්තාවන්ගෙන් පමණක් සැදුම් ලත් අඛාරා කණ්ඩායම 2000 වසරේ දී ආරම්භ කළ අතර කාන්තාවන් පමණක් සිටින එකම අඛාරා කණ්ඩායම එය බවටයි සැලකෙන්නේ.

A devotee of Indian Hindu Akhara leader Trikal Bhawanta grapples with two police officials in a deep grave, alongside the seated Trikal Bhawanta, as she undergoes a "burial ritual" on 26 April 2016

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ශාහි ශාන් රාජකීය ස්නානය නම් පිරිසිදුවීමේ ආගමික මෙහෙයේ දී භවන්තා ඇතුළු කාන්තාවන්ට ගාන්ජීස් නදියේ නෑමට අවසර නොලැබුණි