පළාත් පාලන මැතිවරණය - කාන්තා නියෝජනය 25%

ඡායාරූප මූලාශ්‍රය, Getty
පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වෙයි.
සංශෝධන පනත් කෙටුම්පතට අනුව පළාත් පාලන ඡන්ද සඳහා තරඟ වදින පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් සිය නාම යෝජනා භාර දීමේදී සියයට විසි පහක කාන්තා නියෝජනයක් අනිවාර්යයෙන් ඉදිරිපත් කළ යුතුයි.
අඟහරුවාදා සම්මත කර ගන්නා ලද මෙම පනත සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළාත් පාලන හා පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයිසර් මුස්තාපා පැවසුවේ ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්වෙන බවයි.
'කොට්ඨාස දහසකට වඩා සීමාවන්වල වෙනස් කම් සිදු විය හැකියි' අමත්‍යවරයා ප්‍රකාශ කළේය.
සීමා නිර්ණ ක්‍රමවේදයේ දෝෂ ඇති නිසා අභියාචන කමිටුවක් පත් කොට ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා තවදුරටත් පැවසුවේ.




