මානුෂික සමාජයක් උදෙසා මරණ දඬුවම 'අහෝසි කරන්න'

"මරණ දඬුවම තහනම් කරන්න කියන එක අපි දන්නවා ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි"

ඡායාරූප මූලාශ්‍රය, Spencer Platt Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මරණ දඬුවම තහනම් කරන්න කියන එක අපි දන්නවා ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි"

ලොව බොහෝ රටවල් මීට කලෙකට ඉහතදීම ප්‍රතික්ෂේප කළ මරණ දඬුවම ශ්‍රී ලංකාවේද නීති පොතෙන් ඉවත් කළ යුතු බවට ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නිර්දේශ කරයි.

ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මවලට සහ වටිනාකම්වලට ගැලපෙන <link type="page"><caption> මානුෂීය සමාජයක්</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150921_death_penalty_saroj_buddha_gandhi" platform="highweb"/></link> බිහිකිරීමේ කැපවීම ප්‍රදර්ශනය කරනු වස් මරණ දඬුවම අහෝසි කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි.

"මරණ දඬුවම තහනම් කරන්න කියන එක අපි දන්නවා ජනප්‍රිය මාතෘකාවක් නෙවෙයි," කොමිසමේ සභාපතිනි <link type="page"><caption> මහාචාර්ය දීපිකා උඩගම</caption><url href="https://audioboom.com/boos/4020902-04-01-2016" platform="highweb"/></link> බීබීසී සංදේශයට පැවසීය.

කෙසේ නමුත් එවැනි තීරණයක් මගින් මානව හිමිකම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ කැපවීම ප්‍රදර්ශනය කෙරෙන බවයි ඇය පවසන්නේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේදී බහුල වශයෙන් මරණ දඬුවම පැනවෙන්නේ 'දිළිඳු, කළුජාතික පුරුෂයන්ට'

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකා එක්සත් ජනපදයේදී බහුල වශයෙන් මරණ දඬුවම පැනවෙන්නේ 'දිළිඳු, කළුජාතික පුරුෂයන්ට'

මරණ දඬුවම පැනවීම මගින් අපරාධ අඩුවන බවක් කිසිදු පර්යේෂණයකින් සනාථ වී නැති බව පෙන්වා දෙන මහාචාර්ය උඩගම, ඒ සඳහා වෙනත් ආකාරයේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපාදන තිබිය යුතු බවත් පවසයි.

සභාපතිනිය පෙන්වා දෙන පරිදි ශක්තිමත් අපරාධ විමර්ශන ක්‍රමයක් සහ සාධනීය මට්ට්මක පවතින අධිකරණ ක්‍රමයක් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකයන්.

"ශ්‍රී ලංකාවේ සමහරක් වෙලාවට අපරාධ නඩුවක් අහන්න අවුරුදු දහයක්, දොළහක් යනවා," ආචාර්ය දීපිකා උඩගම සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

එම ක්‍රියාදාමය වේගවත් කර ඉක්මනින් තීන්දු දිය හැකි නම් අපරාධ රැල්ල අඩුකිරීමට එය දායක වනු ඇති බව පවසන ආචාර්ය උඩගම, එමෙන්ම <link type="page"><caption> ප්‍රචණ්ඩත්වයෙන් ඔත්පල වූ සමාජයක</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150921_death_penalty_saroj_buddha_gandhi" platform="highweb"/></link> මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ අඩු වනු ඇතැයි සිතීම තර්කානුකූල නොවන බවත් පවසන්නීය.

'සමාජයක් හැටියට කතිකාවතක් ඇතිකරගන්න ඕන සෞම්‍ය, සුමට සමාජ ක්‍රමයකට අපි යන්නේ කොහොමද කියන එක'

ඡායාරූප මූලාශ්‍රය, Ravaya.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, 'සමාජයක් හැටියට කතිකාවතක් ඇතිකරගන්න ඕන සෞම්‍ය, සුමට සමාජ ක්‍රමයකට අපි යන්නේ කොහොමද කියන එක'

"සමාජයක් හැටියට <link type="page"><caption> කතිකාවතක්</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150927_smbp_seya_media_behavior" platform="highweb"/></link> ඇතිකරගන්න ඕන සෞම්‍ය, සුමට සමාජ ක්‍රමයකට අපි යන්නේ කොහොමද කියන එක."

"ඒ වගේම මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවල පෙනෙන්න තියෙන්නේ එතරම්ම ආර්ථික ශක්තියක් නැති, හොඳ නීතිඥවරුන්ගේ සහාය ලබාගන්න බැරි, සමාජයේ කොන්වෙච්ච කොටස්වල පුද්ගලයෝ තමයි බොහෝ දුරට මරණ දඬුවමට ගොදුරු වෙන්නේ."

විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේදී මරණ දඬුවම බහුලව පැනවෙන්නේ දිළිඳු, කළුජාතික පුරුෂයන්ට බව දත්ත විශේලේෂණය කිරීමෙන් පැහැදිලිවම පෙනී යන බවත් ආචාර්ය දීපිකා උඩගම පෙන්වා දෙන්නීය.

සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව එල්ලවීමෙන් අනතුරුව සමාජය තුල මතු වූ ආන්දෝලනය හමුවේ තමන් මරණීය දණ්ඩනය පැණවීමට විරුද්ධ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

එවන් වාතාවරණයක් තුල කොමිසමේ ඉල්ලීමට ආණ්ඩුවෙන් සාධනීය ප්‍රතිචාරයක් පළ වනු ඇතිද යන්න, <link type="page"><caption> බීබීසී සංදේශය</caption><url href="https://audioboom.com/boos/4020902-04-01-2016" platform="highweb"/></link> කොමිසමේ සභාපතිනිය වෙත යොමු කළ ප්‍රශ්නයක්.

රාජ්‍යය, ඝාතකයා බවට පත් නොවිය යුතු බව ආචාර්ය උඩගම ගේ අදහසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍යය, ඝාතකයා බවට පත් නොවිය යුතු බව ආචාර්ය උඩගම ගේ අදහසයි

ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල ප්‍රකාර තමන් සිය යුතුකම ඉටු කළ බව පවසන ආචාර්ය උඩගම වැඩිදුරටත් සඳහන් කළේ මරණ දඬුවම ජාත්‍යන්තර නීති පොතෙන් ඉවත් කරනු ලැබ දැන් බොහෝ කලක් ගතවන බවයි.

"බොහෝ අවස්ථාවල අපි දකිනවා, මේ වගේ <link type="page"><caption> බිහිසුණු අපරාධකරුවන්</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150915_sp_media_child_abuse" platform="highweb"/></link> මානසික රෝගීන්. ඔවුන් එල්ලා මැරුවයි කියල සමාජය යහමගට යයි කියන එක ඇත්තවශයෙන්ම හිතාගන්න බැහැ."

පළිගැනීමේ චේතනාවෙන් ලබාදෙන බිහිසුණු දඬුවම් මගින් කිසියම් රටක සමාජ වාතාවරණය සාධනීය වෙනසකට ලක් කළ හැකිදැයි මහාචාර්ය උඩගම ප්‍රශ්න කරයි.

වර්ණභේදවාදය පරාජය කළ දකුණු අප්‍රිකාවේ අධිකරණය මුලින්ම සිදු කළ කටයුතු අතර මරණ දඬුවම ඉවත්කිරීම ද තිබුණු බව සිහිපත් කරන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය, ගැටුම් පැවති අප්‍රිකානු රටවල් කිහිපයක්ම ගැටුම් හමාරයේ මානව හිතවාදී සමාජයක් බිහි කිරීමේ අරමුණින් 'රාජ්‍යය ඝාතකයා බවට පත්වන' එම දඬුවම අහෝසි කළ බව වැඩිදුරටත් සඳහන් කළාය.