පාර්ලිමේන්තුව විසුරුවා හැරීම: ‘අවසන් තීරණයක් නැහැ’

ඡායාරූප මූලාශ්‍රය, my3manifesto.com
පාර්ලිමේන්තුව ළඟදීම විසුරුවා හැරීමට නියමිත වුවත් ඒ පිළිබඳව අවසන් තීරණයක් තවමත් රජය ගෙන නොමැති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසුවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගෙනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තවමත් රජය උත්සාහ කරන බවයි.
19 වැනි සංශෝධනයට අවසන් මොහොතේ හෝ එකඟත්වයක් ඇති වූ ආකාරයට 20 වැනි සංශෝධනයටද එකඟත්වයක් ඇති කර ගැනීමට රජය බලාපොරොත්තු වන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ.

‘19ට ඔක්කොම එක්වුණා මොකද ජනාධිපතිගේ බලතලනේ අඩු කලේ, දැන් තමන්ගේ දෙයක් කරන්න යන කොට විරෝධය දක්වනවා, රතු කොඩි කට්ටියත් බලන්නේ තමන්ගේ ගැන.’ ඔහු පැවසීය.
20 වැනි සංශෝධනයට එකඟත්වයක් නැති නිසා පාර්ලිමේන්තුව විසුරුවාලීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ගැන විමසීමේ දී අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ මාධ්‍ය එවන් තීරණයක් ගෙන ඇතත් ජනාධිපතිවරයා තවමත් එවන් තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේවෙතත් මෙම පාර්ලිමේන්තුව තව වැඩිකලක් පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා බලාපොරොත්තු නොවන බව පැවසූ අමාත්‍යවරයා පැවසුවේ එය ළගදීම සිදුවනු ඇති බවයි.
'ළගදීම කියන්නේ කොච්චර දවසක්ද කියන එක තමයි ප්‍රශ්නේ, විස්ස සතියකින් දෙකකින් සම්මත කලොත් විසුරුවනවා' ඔහු පැවසීය.




