කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ලිංගික අල්ලස් අරන්

අදාළ විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, අදාළ විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසන්නේ

කණ්ඩායම තුල ස්ථානයක් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ක්‍රිකට් නිලධාරීන්ට ලිංගික ගෙවීම් කරන මෙන් බලපෑම් සිදු කර ඇති බව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

පසුගිය වසරේ සිදු කල පරීක්ෂණ අනුව එවැනි ලිංගික අතවර ගැන සාක්ෂි ලැබී ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.

ක්‍රිකට් නිලධාරීන්ගේ ලිංගික බලපෑම් වලට නතු නොවූ ක්‍රීඩිකාවන් කණ්ඩායමෙන් ඉවත් කිරීමක් පිළිබඳව පුවත්පතක් මගින් වාර්තා කරනු ලැබීමත් සමඟයි එම පරීක්ෂණ ආරම්භ කොට තිබුණේ.

අනාවරණය වී ඇති කරුණු බරපතළ වන බව සඳහන් කල ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් අදාළ විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය.

පරීක්ෂණයක් මගින් චෝදනා සනාථ වී ඇති නම් අදාළ පුද්ගලයන්ට එරෙහිව කිනම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ දැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වනිතා කටයුතු පිලිබඳ අමාත්‍යවරිය වන රෝසි සේනානායක පැවසුවේ පුද්ගලයා පිලිබඳ නොසලකා කවුරුන් හට වුවද නීතිය ක්‍රියාත්මක කරන බවයි