යාපනයේ බෝම්බ: දකුණේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා

පේදුරුතුඩුවේ ඡන්ද මධ්‍යස්ථානයක් සමීපයේ ග්‍රෙනේඩ් බෝම්බයක් පුපුරා ගොස් තිබෙන බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
නාවලඩි ප්‍රදේශයේ පිපිරීමත් සමඟ බියවූ ඡන්දදායකයන් පලා ගිය නමුත් ඉන් අනතුරුව ඡන්ද විමසීම සුපුරුදු ලෙසින් පැවැත්වුන බවද නිරීක්ෂකයෝ පවසති.
පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැත.
මේ අතර සලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් ඡන්ද මධ්‍යස්ථානයක් කරා කැබ් රථයකින් ගෙනයමින් සිටියදී මතුගමදී සොයා ගෙන තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
තවත් ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් රැගෙන ගමන් කරමින් සිටි ත්‍රීවීලර් රථයක් උඩුගම දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මාර්ග බාධක
මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණින් ආයුධ සන්නද්ධ ඩිෆෙන්ඩර් රථ පැමිණෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුවිල, අලිඔළුව සහ අරිප්පුව මංසන්ධිවල හදිසියේම මාර්ග බාධක ඉදිකොට තිබේ.
නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති විසින් සිය ආධාරකරුවන් වෙනුවෙන් කන්තලේ ලේක්වීව් නාවික හමුදා හෝටලයේ සංවිධානය කොට තිබුණු රැස්වීමක් අවලංගු කිරීමට පොලිසිය ක්‍රියා කළ බව සංදේශය කන්තලේ වාර්තාකරු ආර්ජී ධර්මදාස පවසයි.
සභාපතිනිය විසින් සංවිධානය කොට තිබුණු පොල්පැල බෙදාදීමේ උත්සවයක්ද අවලංගු කොට තිබේ.
අවතැන්වූවෝ
අවතැන්වූවන් 900 ක් බස් රථවලින් ඡන්දපොළට ප්‍රවාහනය කිරීම ඉහලින් ලැබුණු නියෝගයක් මත නවතා දමා ඇති බව නිරීක්ෂකයෝ පවසති.
මෙම පිරිස පුත්තලමේ සිට මනාරම දක්වා ප්‍රවාහනය කිරීමට නියමිතව සිටියදී එය නවත්වන මෙන් හදිසියේම නියෝගයක් ලැබී තිබෙන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) ඩීඑම් දිසානායක බීබීසී සංදේශයට පැවසීය.
යුද්ධයෙන් අවතැන් වී පුත්තලමේ තාවකාලිකව වාසය කරන ඔවුන් ඡන්දය සඳහා ලියාපදිංචි වී සිටින්නේ මන්නාරමේ බවද ඔහු පැවසීය.








