චීනයෙන් ගිනි පොලියට ණය -එජාපය

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva
ආයෝජන ලෙස හුවා දක්වමින් රජය චීනයෙන් ලබා ගන්නේ අධික පොලියක් සහිත ණය කන්දරාවක් බව එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මේ බව බීබීසීයට කියා සිටියේ චීනයත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන අවබෝධතා ගිවිසුම් 20 කට වැඩි ප්‍රමාණයක් අත්සන් තැබීමට නියමිතව තිබියදී.
චීනයෙන් ලබා ගෙන ඇති ආධාර ප්‍රමාණය සියයට එකක් වැනි සුළු ගණනකට සීමා වී ඇති අතර ඉතිරි සියයට අනූනවය ම වාණිජ ණය වන බවයි බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ. (සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න)
මහ බැංකුවේ ප්‍රතිචාරය
නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ.

ඡායාරූප මූලාශ්‍රය, Nandalal Weerasinghe
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නගන චෝදනා පිළිබඳ ව බීබීසීය කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ පසුගිය කාලය තුළ ආර්ථිකය වර්ධනය වී ඇති නිසා මුල්‍ය ආධාර ලබා ගැනීම සඳහා දොරටු කිහිපයක්ම විවෘත වී ඇති බවයි.
විදේශ ආයෝජන රටට ගලා ගෙන ඒම අනාගතය පිළිබඳ යහපත් පෙර නිමිත්තක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. (සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න)
චීනය වැනි ආර්ථිකය දියුණු වන රටවල් තම මුදල් ආයෝජනය කිරීම සඳහා පෙලඹෙද්දී හොඳ ආයෝජන අවස්ථා සහිත ස්ථාවර ආර්ථිකයක් පවතින රටවල් පමණක් තෝරා ගන්නා බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.




