හම්බන්තොට යොවුන් ක්‍රීඩා 'වෙනස් කොට නෑ'

ඡායාරූප මූලාශ්‍රය, ocasia.org
හම්බන්තොට නගරයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් ක්‍රීඩා ශූරතාවලිය වෙනත් රටකට පැවරීමට තීරණයක් ගෙන නැති බව <link type="page"><caption> ආසියානු ඔලිම්පික් මණ්ඩලය</caption><url href="http://www.ocasia.org/" platform="highweb"/></link> ප්‍රකාශ කරයි.
ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ ආසියානු ක්‍රීඩා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හයිදර් ෆාර්මන් ඒ බව කියා සිටියේ, 2017 ක්‍රීඩා උළෙල පැවැත්වීම කටාරයේ ඩෝහා නගරයට පැවරීමට තීරණය කොට ඇතැයි පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.
ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ නියෝජිත පිරිසක් ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් හමුවීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් එහිදී තමන්ට වාර්තාවක් ලබා දෙනු ඇති බවයි, හයිදර් ෆාර්මන් පවසන්නේ.
ඉන් අනතුරුව කවුන්සිලයේ සමුළු රැස්වීමේදී එම වාර්තාව පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවත් ඔහු පැවසීය.
මාස නමයක්
ශූරතාවලිය පැවැත්වීම පිණිස හම්බන්තොට නගරයේ පවතින සූදානම ප්‍රමාණවත් නොවන බව මීට කලින් ශ්‍රී ලංකාවට දැනුම් දුන් ආසියානු බලධාරීන්, එය කඩිනම් කිරීම පිණිස ශ්‍රී ලංකාවට මාස නමයක කාලයක් ලබා දුන්නේය.
ක්‍රීඩා උළෙල හම්බන්තොට නගරයෙන් ඉවත් කෙරෙන්නේ නම් එයට හේතුව යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක් නොව, ක්‍රීඩා පරිපාලනය සම්බන්ධ හැටලුවක් බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මීට ඉහතදී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
ආසියානු ඔලිම්පික් මණ්ඩලයේ තීන්දුව කවරක් වුවත් හම්බන්තොට ක්‍රීඩා යටිතල පහසුකම් දියුණු කිරීම දිගටම ක්‍රියාවට නගන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.




