
තමන්ට එරෙහිව සාධාරණ විමර්ශනයක් නොපැවැත්වුණු බව පවසමින් අගවිනිසුරුවරිය පෙත්සමක් ඉදිරිපත් කොට තිබුණි
දෝෂාභියෝග චෝදනාවලට අගවිනිසුරුවරිය වැරදිකාරිය බව තීන්දු කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් නිකුත් කළ වාර්තාව අහෝසි කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය.
තමන්ට එරෙහිව සාධාරණ විමර්ශනයක් නොපැවැත්වුණු බව පවසමින් දෝෂාභියෝග විමර්ශන වාර්තාව අහෝසි කරන ලෙස අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සිය පෙත්සමෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබුනේය.
ඒ පිළිබඳව ඒකමතික තීන්දුවක් ප්‍රකාශයට පත් කළ ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලේ නිගමනය වූයේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග රටේ සාමාන්‍ය නීතිය නොවන බවටත්, එබැවින් ඉහල අධිකරණයේ විනිසුරුවන්ට එරෙහි චෝදනා විභා කිරීමට ස්ථාවර නියෝග යටතේ පත්කරන ලද තේරීම් කාරක සභාවට නීතිමය බලයක් නොමැති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් තීන්දු කොට තිබෙන බැවින් එම කමිටුවේ වාර්තාවද අවලංගු වන බවයි.
ශ්‍රී ස්කන්ධරාජා, අනිල් ගුණරත්න සහ කේ ඩබ්ලිවු සලාම් විනිශ්චයකරුවන් තිදෙනා ඉදිරියේ එම පෙත්සම විභාග කෙරිණ.












