
දෝෂාභියෝගය පරාජය කිරීම සඳහා සියලු භේද ඉවත දමා එකමුතු වන්නැයි දෝෂාභියෝගය එරෙහි නීතිවේදීහු ඉල්ලා සිටිති
අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන දෝෂාභියෝගය පරාජය කිරීම සඳහා සියලු භේද ඉවත දමා එකමුතු වන්නැයි අධිකරණය රැකීමේ එකමුතුව ඉල්ලා සිටියි.
දෝෂාභියෝග යෝජනාව ඉල්ලා අස්කර ගන්නා තුරු "දුෂ්ට ක්‍රියාවලියට" එරෙහි සටන පෙරට ගෙන යා යුතු බවයි, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයට රැස්ව සිටියවුන් අමතමින් කියා සිටියේ.
දෝෂාභියෝග චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කමිටුව ඉදිරියේ පෙනී සිටීම සඳහා අග්‍ර විනිශ්චයකාරවරිය පිටත්ව ගිය අවස්ථාවේ උපරිමාධිකරණ සංකීරණයට රැස්ව සිටි සිය ගණනක් නීතිවේදීහු එයට එරෙහිව විරෝධාතාවයක යෙදී සිටියහ.
අගවිනිසුරුවරියට "ජයවේවා," යි ප්‍රීති ඝෝෂා නැගූ ඔවුහු, "දෝෂාභියෝගය භංගවේවා," යි ද ඝෝෂා කළහ.
'දුෂ්ට ක්‍රියාවලියක්'
'පූර්ව නිගමනයකට එළඹිලා'
"මේ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඉතාමත් කඩිමුඩියක්, කලබලයක් තිබෙන බවයි අග්‍ර විනිශ්චයකාරවරියට එරෙහි තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා"
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
එහිදී අදහස් දැක්වූ ප්‍රජාතත්‍රවාදය සඳහා වූ නීතිවේදීන්ගේ සංගමයේ නීතිඥ ක්‍රිශාන්ත වැලිඅමුණ කියා සිටියේ දෝෂාභියෝගයේ එකම අරමුණ අධිකරණය විසින් රජයට එරෙහිව ලබා දෙන තීන්දුවලට "පාඩමක් ඉගැන්වීම" සඳහා බවයි.
"මේක පලි ගැනීමේ දුෂ්ට ක්‍රියාවලියක්," ඔහු පැවසීය.
දෝෂාභියෝග යෝජනාව විභාගයට නොගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කළ නිර්දේශයද නොතකා හරිමින් පාර්ලිමේන්තු තේරීම් කමිටුව අග විනිසුරුවරිය පාර්ලිමේන්තුවට කැඳවීම ෆ්‍රී මාච් නීතිවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ගුණරත්න වන්නිනායක කියා සිටියේය.
මේ අතර බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සමස්ත ක්‍රියාදාමය විග්‍රහ කළේ ආණ්ඩුව විසින් අග විනිසුරුවරිය සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට එළඹි, එය සාධාරණීකරණය කිරීම සඳහා ක්‍රියාවට නගන්නක් ලෙසින්.
සිකුරාදා රැස්වූ තේරීම් කාරක සභාව අග්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගෙන් මූලික කරුණු විමසීමක් කොට ඉන් අනතුරුව විභාගය දෙසැම්බර් 04 වැනි දින දක්වා කල් තබා ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
"මේ සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඉතාමත් කඩිමුඩියක්, කලබලයක් තිබෙන බවයි අග්‍ර විනිශ්චයකාරවරියට එරෙහි තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා," ඔහු පැවසීය.












