
ශ්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායකට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාගකිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරයි.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ නීතිඥයන් පිරිසක් විසින් දෝෂාභියෝග යෝජනාව විභාගකිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කොට තිබූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කරන ලද්දේ.
කෙසේවෙතත් අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර පවතින සුහදතාව ඇතිකරනු පිණිස අදාළ නඩු විභාගය අවසන් වන තෙක් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග නොකරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත නිර්දේශයක්ද ඉදිරිපත් කරන ලදී.
පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට පැවසුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අධිකරණ බලයක් නොමැති නිසා එම කාරක සභාව විසින් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාගකිරීම මුළුමනින්ම නීති විරෝධී බවයි.
එබැවින් අදාළ තේරීම් කාරක සභාවේ කටයුතු අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වෙත තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.












