නියඟය : 'ළමයි සෙල්ලමට වතුර ටිකක් නාස්ති කළත් මට හොඳටම කේන්ති යනවා'
ශ්‍රී ලංකාවේ පවතින නියඟය තවදුරත් වගාවන් හෝ බීමට ජලය නොමැතිකමට මෙන්ම ආහාර හිඟයකට පමණක් ලඝු කළ හැකි සමාජ ආර්ථික ගැටලුවක් නොවන බව නියඟයෙන් පිඩා විඳින ජනතාව පවසති.
එය පවුලක බැඳීම, සෞඛ්‍යයට සහ දරුවන්ගේ මානසික වර්ධනයට කොතරම් දුරට අහිතකර ලෙස බලපාන්නේ ද යන්න ගැන බලධාරීන් විශේෂ අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක් බව රත්නපුර දිස්ත්‍රිකයට අයත් වැලිගෙපොල, සුවඳ නෙළුම්ගම ජනතාව BBC සිංහල සේවයට පැවසූහ.
''මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අයට නාන්න, ඇඟ හෝදන්න දින වෙන් කරන්න මට සිද්ධ වෙලා. උදේට මුණ හෝදන්නත් වතුර මැනලා දෙන්නේ. ළමයි වතුර එක්ක සෙල්ලම් කරන්න ආස බව මම දන්නවා. ඒත් වතුර හොයන්න විඳින දුක මතක් වෙනකොට මට කේන්ති ගිහිං ළමයින්ට ගහනවා. දරුවෝ පව් බව මම දන්නවා. එත් මම මොනවා කරන්න ද? " යනුවෙන් සුවඳ නෙළුම්ගම, ශ්‍යාමලී පියතිස්ස BBC සිංහල සේවයට පැවසුවාය.
පවතින සම්පත් භාවිත කර හැකි පමණින් මේ ගම්මානයට බවුසර් මගින් ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.
මේ ගැටලුව වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප්‍රදේශයට පමණක් සීමා වූ එකක් නොවේ.
දිස්ත්‍රික්ක 9ක පුද්ගලයින් ලක්ෂයකට පමණ මේ වනවිට බවුසර් මගින් පානීය ජලය සපයන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවල දැක්වේ.
නිෂ්පාදනය / කැමරාකරණය / සංස්කරණය
ෂර්ලි උපුල් කුමාර


