පලා යාමට සිදු වූ ඇෆ්ඝනිස්ථානයේ පළමු වාණිජ ගුවන් නියමුවරිය යුරෝපා අහසේ පියාසර කරයි
මොහදිසේ මිර්සයී 2020 දී ඇෆ්ඝනිස්ථානයේ පළමු වාණිජ ගුවන් නියමුවරියබවට පත්වෙමින් ඉතිහාසගතවිය.
නමුත් ඉන් වසරකට පසුව, එක්සත් ජනපද හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වීමත් සමග තාලිබානය රට නැවත අත්පත්කර ගත් විට ඇයට පලා යාමට සිදුවිය.
කාබුල් නගරය බිඳවැටුණු 2021 අගෝස්තු 15 වන දා ඇය එරටින් පිටත්ව ගියේ තම පවුල ගැන බියෙන් හා ඇගේ වෘත්තිය අහිමිවීම ගැන ශෝකයෙනි.
නමුත්, කාබුල් නුවරින් පිටවගොස් මාස 12ක් ඇතුළත ඇය නැවතත් වෘත්තීය ගුවන් නියමුවරියක් ලෙසර යුරෝපයේ නව දිවියක් ගත කරන්නී ය.
