ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපනය : ළමයින්ට ඉගැන්වීම සඳහා දිනපතා දිවි පරදුවට තබන ගුරුවරු

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපනය: ළමයින්ට ඉගැන්වීම සඳහා දිනපතා දිවි පරදුවට තබන ගුරුවරු

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් පළාතේ ගුරුවරු සෑම උදෑසනකම පාසලට පැමිණීම සඳහා අනාරක්ෂිත සුළං ටියුබ් භාවිත කරමින් ගඟක් තරණය කරති. ඔවුන්ගේ ගමනාගමනය පහසු කිරීම සඳහා පාලම් හෝ බෝට්ටු නැත.

බිලි උසස් පාසලේ ගුරුවරුන්, වසර ගණනාවක් තිස්සේ, අධික වර්ෂාවෙන් පසු ජල මට්ටම් ඉහළ ගිය කාලවලදී පවා පාසල් යාමට භාවිතා කර ඇත්තේ මෙම ක්‍රමයයි.

මෙම ගුරුවරුන්ට මුහුණ දීමට සිදුවී ඇති එකම ගැටලුව දෛනික ගමනාගමනය නොවේ. 2021 දී ඇෆ්ගනිස්ථානයේ පාලනය තලේබාන්වරු භාර ගැනීමෙන් පසුව රටේ ආර්ථික කඩාවැටීම නිසා ඇති වූ ප්‍රශ්නවලට ද ඔවුනට මුහුණ දීමට සිදුව තිබේ.