පාකිස්ථාන අධ්‍යාපනය : සිය සිසුන් පළමු වරට හමුවන ඔන්ලයින් ගුරුවරිය

වීඩියෝ ශීර්ෂ වැකිය, පාකිස්ථාන අධ්‍යාපනය : සිය සිසු සිසුවියන් පළමු වරට හමුවන ඔන්ලයින් ගුරුවරිය

පාකිස්ථානයේ දුර බැහැර ප්‍රදේශවල සිසුන්ට ඔන්ලයින් ඉගැන්වීම්වල නිරත වන ගුරුවරියක සිය සිසුන් හමුවීම සඳහා යුද්ධ හමුදා හෙලිකොප්ටර් යානයකින් ගොස් තිබේ.

යුද්ධයෙන් විනාශ වූ උතුරු වසිරිස්ථානයේ සීමා මහීන් කළ සංචාරය නිසා ප්‍රදේශයේ වෙසෙන ගැහැනු සහ පිරිමි දරුවන්ට අධ්‍යාපනය දිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව වැඩිහිටියන් සමග සාකච්ඡා කිරීමට ඇයට දුර්ලභ අවස්ථාවක් උදා විය.

වසර ගණනාවක් ප්‍රචණ්ඩත්වය සහ යුදමය වාතාවරණයක් තුළ නිවෙස්වලට වී සිටි ජනතාව මිලියන ගණනක් වෙසෙන එම ප්‍රදේශයේ ඇය සමග බීබීසී පුවත් සේවය ද සංචාරය කළේය.