'කාන්තාවන්ට අධ්‍යාපනය නොදෙන්නේ නම් දීප්තිමත් අනාගතයක් අපේක්ෂා කළ හැකි ද?' - ඇෆ්ඝන් කාන්තාවෝ සරසවි තහනමට එරෙහි වෙති

වීඩියෝ ශීර්ෂ වැකිය, ඇෆ්ඝන් කාන්තාවෝ සරසවි තහනමට එරෙහි වෙති

කාන්තාවන් පෞද්ගලික හෝ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම තහනම් කරමින් තාලිබාන්වරුන් පැනවූ නියෝගයට එරෙහිව ඇෆ්ඝන් කාන්තාවෝ විරෝධය පළ කරති.

කාන්තාවන් රැසක් BBC සේවයට පැවසුවේ, තාලිබාන් නිලධාරිනියන් තමන්ට පහර දුන් අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගත් බවය.

තවත් බොහෝ දෙනෙක් තහනමට එරෙහිව සිය විරෝධය සහ කෝපය පළ කළහ. "අපි විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූවා. එතන තාලිබාන් කාන්තාවන් බොහෝ දෙනෙක් හිටියා. ඔවුන් ගැහැනු ළමයින්ට පහර දුන්නා. කීප දෙනෙක් අරගෙන ගියා," විරෝධතාවයේ නිරත කාන්තාවක් බීබීසී මාධ්‍යවේදී ආලියා ෆර්සාන්ට පැවසුවාය.