''වොක්ස්වැගන් බීට්ල් පළවෙනි කාර් එක ලංකාවට ගෙනාවේ මගේ තාත්තා''
වොක්ස්වැගන් බීට්ල් මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදී මේ වනවිට වසර 70 ක් සම්පුර්ණ වේ.
ඒ නිමිත්තෙන් පළමු වරට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද වොක්ස්වැගන් බීට්ල් මෝටර් රථය සහ ඒ සමග ගෙන්වන ලද තවත් මෝටර් රථ පහක් මැයි 13 කොළඹ කාර්මාර්ට් ආයතනයේදී ප්‍රදර්ශනය කරන ලදී.
1953 දී ජර්මනියෙන් ගෙන්වන ලද එම මෝටර් රථ මේ වන විට ද ධාවන තත්වයේ පවතී.
''මුල්ම කාර් එක කොළඹ වරායේ ඉඳලා පෙරහරකින් තමයි අපේ තාත්තා ගෙනාවේ. ඒ පෙරහැරේ ඉස්සරහින් මෝටර් බයිසිකල් තිබුණා. අශ්වයෝ හය දෙනෙක් හිටියා. මුල්ම කාර් එකේ පිටිපස්සේ වීදුරුව දෙකට බෙදලා තියෙන්නේ. '' යනුවෙන් කාර්මාර්ට් ආයතනයේ සභාපති සේනක අමරසිංහ BBC සිංහල සේවයට කියා සිටියේය.



