එයාර් කාර්: 'තටු එන' කාර් එකක්

වීඩියෝ ශීර්ෂ වැකිය, එයාර් කාර්: 'තටු එන' කාර් එකක්

පියාසර කළ හැකි කාරයක් මිනිත්තු 35 ක ගුවන් ගමනක යෙදීමේ පුවතක් ස්ලොවැකියාවෙන් වාර්තා වේ.

පර්යේෂණ ගුවන් ගමන සිදුව ඇත්තේ ස්ලොවැකියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපල දෙකක් අතරය.

'එයාර් කාර්' ලෙස නම් කර ඇති මේ 'හිබ්‍රිඩ්' කාරය BMW එන්ජිමකින් සමන්විතය.

සාමාන්‍ය පෙට්‍රල් භාවිතයෙන් එය ධාවනය වේ.

කාරය නිර්මාණය කළ මහාචාර්ය ස්ටෙෆාන් ක්ලෙයින් කියා සිටියේ, අඩි 8,200 ඉහළින් කිලෝමීටර 1,000 ක පමණ දුරක් ඊට පියාසර කළ හැකි බවය.

මේ දක්වා එය පැය 40 ක් පමණ ගුවනේ රැඳී සිට ඇති බවත් ඔහු සඳහන් කළේය.

කාරය ගුවන් යානයක් බවට පරිවර්තනය වීමට මිනිත්තු 2 තත්පර 15 කාලයක් වේ.

ගුවන් යානයක් ලෙස පරිවර්තනය වීමට යන කාලය මිනිත්තු 2 යි තත්පර 15 කි.

'එයාර් කාර්' ගැන වැඩි විස්තර: මෝටර් රථයෙන් ගුවන් ගමනක්