ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෙසක් නිර්මාණ :'මේ ආර්ට් එකේ මූලික අදහස ආවේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන්'
විශ්වයේ බිහිවීම, මිනිසාගේ පරිණාමය සහ දියුණුව මෙන්ම දියුණු මිනිසා පරිසරය විනාශ කරන ආකාරය විදහා දැක්වෙන වෙසක් නිර්මාණයක් කොට්ටාව, මහල්වරාවේ දී අද (මැයි 05) සිට 09 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරේ.
'බේකරියේ කට්ටිය' ලෙස හඳුන්වන බේකරියේ කලා අවකාශය මගින් එය සංවිධානය කර තිබේ.
''මේ ආර්ට් එකේ මූලික අදහස ආවේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන්. බුදුදහම, විද්‍යාව, තාක්ෂණය සහ කලාව භාවිතයෙන් නව අදහසක් සමාජගත කිරීමට අපි උත්සාහ කර තිබෙනවා.'' යනුවෙන් බේකරිය කලා අවකාශයේ විරාජ් ලියනාරච්චි BBC සිංහල සේවයට පැවසුවේය.