අගෝස්තු 9:''12 වෙනිදාට ලෝක තරුණ දිනය සමරන්නේ තරුණයන් හිරේ දාලද?''-විරෝධතාකරුවන්
''රාජ්‍ය මර්දනය නවතනු. හදිසි නීතිය අහෝසි කරනු.'' යනුවෙන් රජයට බල කරමින් අද (අගෝස්තු 09) බහුජන සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ ප්‍රදේශ රැසක විරෝධතා සිදු කරන ලදී.
එහිදී ඔවුන් අවධාරණය කළේ සමාජ වෙනසක් වෙනුවෙන් අරගල කළ තරුණයන් පැහැර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වහා නතර කළ යුතු බවයි.
මාසයකට ආසන්න කාලය තුළ රටේ පුද්ගල ඝාතන 30ක් පමණ සිදුව ඇතත් ඒවා වළක්වා ගැනීමට නොහැකි පොලීසිය නිරායුධ අරගලකරුවන් පසුපස හඹා යෑම හාස්‍යයට කරුණක් බව ඔහුහු අවධාරණය කළහ.




