රනිල් වික්‍රමසිංහ:වැඩි ඡන්දයෙන් අට වන විධායක ජනපති ලෙස පත්වෙයි

අට වන විධායක ජනපතිවරයා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පත් වූ බවට පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පැවසීය. ඔහු ලද සමස්ත ඡන්ද සංඛ්‍යාව 134 කි.
ඒ අනුව අද ඔහු වැඩි ඡන්ද 52කින් ජයග්‍රහණය කළේ ය. ඩලස් අලහපෙරුම ලැබූ ඡන්ද සංඛ්‍යාව 82කි. අනුර කුමාර දිසානායක ලැබූ ඡන්ද සංඛ්‍යාව 3 කි.
අද (ජූලි 20) උදැසන 10ට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමෙන් පසුව ඡන්ද විමසීම ආරම්භ වූ අතර එහිදී එක් එක් මන්ත්‍රී වරයාගේ නම අඬගැසීමෙන් එම් එක් එක් මන්ත්‍රී වරයා තම ඡන්ද ප්‍රකාශ කළ අතර පළමුව ඡන්දය ප්‍රකාශකළේ කතානායක මහින්ද යාපා අබේවර්ධන වන අතර ඉන් අනතුරුව අගමැති, වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ තම ඡන්දය ප්‍රකාශ කළේය.
ඉතාමත් අසනීප තත්ත්වයෙන් පසුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වූ සමන්ප්‍රිය හේරත් හා ඩී. වීරසිංහ හා වයෝවෘද්ධ ද්‍රවිඩ ජාතික සංධානයේ නායක ආර් සම්බන්දන්ව පාර්ලිමේන්තු සේවකයින් ගේ ආධාරය ඇතිව තම ඡන්දය ප්‍රකාශ කිරීමට රැගෙන යන අයුරු දිස්විය.
මේ අතර අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙපලක් වූ සෙල්වරාජා කජේන්ද්‍රන් හා ජී. ජී. පොන්නම්බලම් තම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියේය.
ඡන්දය ගනන්කිරිමේදී ඡන්ද හතරක් අවලංගු ලෙස ප්‍රකාශ වූ අතර අද ප්‍රකාශිත සමස්ත වලංගු ඡන්ද ප්‍රමාණය 223 කි.








