ජාත්‍යන්තර විරෝධය මැද මහජන උද්ඝෝෂණ මැඩපැවැතිවිමට ගෙනා සමාජ මාධ්‍ය තහනම ඉවත් කරයි

සමාජ මාධ්‍ය ප්‍රවේශය අවහිර කරයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ පැය 15ක පමණ කාලයක් රට පුරා පැවති සමාජ මාධ්‍ය සීමා කිරීම හෙලාදකිමත් සමග තාක්ෂණ අමාත්‍යාංශය පැවසුවේ එම තනහම අද (අප්‍රේල් 3) සවස 3:30ට ඉවත් කරන බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් සහ යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය තාවකාලිකව සීමා කරන ලෙසට සේවා සපයන්නන්ට උපදෙස් ලබා දුන් බවට තාක්ෂණ අමාත්‍යාංශය අද උදෑසන පැවසිය.

ඒ අනුව බොහෝ දෙනෙකු අත්‍ය පෞද්ගලික ජාල (virtual private network (VPN)) තම ජංගම දුරකථනයන් හී ස්ථාපනය කර සමාජ මාධ්‍ය භාවිත කර තිබුණි.

ඉරිදා රට පුරා පැවත්වීමට නියමිතව තිබූ විරෝධතාවන් මැඩපැවැත්වීමට ජනාධිපතිවරයා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසු මෙසේ ශ්‍රී ලංකාව තුල ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් සහ යූ ටියුබ් (Facebook, WhatsApp, Instagram, Twitter, YouTube) වැනි සමාජ මාධ්‍ය වේදිකා අවහිර කරනු ලබා ඇති බවට සමාජ ක්‍රියාකාරීන් පවසයි.

පවතින ආර්ථික දුෂ්කරතාවලට එරෙහි ඉරිදා මහජන විරෝධතාවයක් සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා මහජනතාව සංවිධානය කර තිබූ අතර එය පාලනය කිරීම සඳහා පැය 36 ක ඇඳිරි නීතිය ද ජනපතිවරයා හදිසි නීති රෙගුලාසි හරහා පැනවීය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් තම ට්විටට් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ "මට අවුරුදු 28 වෙනකම් ලංකාවේ අන්තර්ජාලය තිබුණේ නැහැ. Facebook ආවේ තවත් අවුරුදු දහයකට විතර පස්සේ. එහෙත් අන්තර්ජාලය නොමැතිව, සමාජ මාධ්‍ය නොමැති වීම සහ රට තුළ දුරකථන අඩුව පැවතුනත් පැය කිහිපයක් ඇතුළත අපට රටේ ඕනෑම ප්‍රදේශයකින් තොරතුරු ලැබුණි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වූ විට රූපවාහිනිය එය ප්‍රකාශ කිරීමට බොහෝ කලකට පෙර අපේ ප්‍රදේශයේ ජීවත් වූ වෙනත් අය හරහා අපට ඒ බව දැනගන්නට ලැබුණි.

social media blockade

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"අද උදෑසන සමාජ මාධ්‍ය සියල්ල අවහිර කර ඇත. සමාජ මාධ්‍ය අවහිර කරලා මහජනතාවගේ දැනගැනීමේ අයිතිය අහිමි කළ හැකියි මෝඩයන් සිතනවානම් එය වැරදීමක්."

මේ අතර තරුණ හා ක‍්‍රීඩා කටයුතු හා සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය අවහිර කිරීම තමා අනුමත නොකරන බව පවසයි.

"සමාජ මාධ්‍ය අවහිර කිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මම දැන් භාවිතා කරන ආකාරයටම VPN ලබා ගැනීම වැනි ක්‍රම හරහා එවැනි තහනම් කිරීම් සම්පූර්ණයෙන්ම නිෂ්ඵල කරයි. මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මීට වඩා ප්‍රගතිශීලීව සිතා මෙම තීරණය නැවත සලකා බලන ලෙසයි."

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මේ අතර දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර එම ට්විටර් පණිවුඩයට පවසූවේ "ඔබ ඩිජිටල් ඇමති නොවේද? ඔබට ඔබේ මාමාට එය කියන්න බැරිද?" යනුවෙනි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

අමත්‍යවරයා එයට පිළිතුරු සපයමින් "මම දැනටමත් මගේ විරෝධතා ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, ඔබ ඔබේ හොඳ මිතුරා වන මගේ මාමා සමඟ කතා නොකරන්නේ මන්ද? #පිස්සුපීකුදු"

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

ඉන්ධන පෝලිම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොදු ස්ථානවල ජනතාව ගැවසීම තහනම් කරයි

අප්‍රේල් 02 දා පස්වරු 6 සිට ලබන සඳුදා පෙරවරු 6 දක්වා පොදු ස්ථානවල ජනතාව ගැවසීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ.

ඒ මහජන ආරක්ෂ ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඇදිරිනීතිය ප්‍රකාශයට පත් කරමිණි.

මේ යටතේ ආරක්ෂක අමාත්‍යංශයේ හෝ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හෝ පොලිස්පති හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස අදාළ කාලය තුල කිසිම පුද්ගලයෙකු පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බව එම ගැසට් නිවේදනය මගින් විධානය කර ඇත.

මේ අතර අප්‍රේල් 02 වැනිදා රාත්‍රී 10 සිට අද (03) උදෑසන 6 දක්වා බස්නාහිර පළාත් තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 664 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ඇඳිරිනීතිය බලපවත්නා කාලය තුළ එය කඩ කරන්නන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

විරෝධතා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇඳිරිනීතිය පවතින කාලය තුළද රටේ විවිධ ප්‍රදේශවල ජනතා උද්ඝෝෂණ හා ඉන්ධන ලබාගැනීමට පෝලිම් බීබීසී සිංහල සේවයට දැක ගත හැකි විය.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයට රැස්ව එහි සිට නිදහස් චාතුරශ්‍රයට ගමන් කිරීමට සැරසීමේදී පොලිසිය හා හමුදාව ඔවුන්ව අවහිර කරනු ලැබීය.

නිදහස් මාවතේ සිට විරෝධතාවයක් පවත්වමින් ඔවුන් පැවසූවේ රාජපක්ෂ පාලනය අවසන් කරනතුරු ඔවුන් විරෝධතා පවත්වන බවයි.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5

මේවන විට දිවයින පුරා ආරක්ෂාව තර කර ඇති අතර ප්‍රධාන නගර හා මංසන්ධි ආශ්‍රිතව පොලීසියට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ද යොදවා ඇති අයුරු බිබිසියට දැක ගත හැකි විය.

අද ඇඳිරිනීතිය නොතකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පැවැත්වූ උද්ඝෝෂණය විසුරුවාහැරීමට පොලිසිය කදුළුගෑස් හා ජාල ප්‍රහාර එල්ල කර ඇත, මෙයට අමතරව කොළඹ නුගේගොඩ විජේරාම මංසන්ධියේ,මහරගම ඇතුළු රටේ විවිධ ප්‍රදේශ වල විරෝධතා පැවැත්විණි.

මේ අතර අද ජනපතිවරයාගේ මිරිහාන නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට අධිබලැති විදුලි කණුවකට නැගුනු පුද්ගලයකු එයින් වැටී මරමුවට පත්වී ඇති බවට පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ ඔහු විදුලිසැර වැඩි මියගියේද එසේත් නැතිනම් විදුලි කණුවෙන් ඇදවැටීම හේතුවෙන් මිය ගියේද යන්න මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනතුරුව තහවුරු කළ හැකි බවයි.

Skip X post, 6
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 6

මේ අතර ජාත්‍යන්තර ප්‍රජාව රටේ මේ වන විට පැනනැගී ඇති තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බවද පැවසීය.

"හදිසි නීතිය ගැන යුරෝපා සංගමය සැලකිලිමත් බවත්, සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. සාමකාමීව නිදහස් රැස්වීමේ අයිතිය සහ විසම්මුතිය ඇතුළුව, මෙය ශ්‍රී ලාංකීය ජනතාවට අභියෝගාත්මක කාලයක්. යුරෝපා සංගමය එම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි."යනුවෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

Skip X post, 7
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 7

මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ තානාපතිනිය පැවසුවේ "අප ලොව පුරා අනුගමනය කරන පරිදි, ශ්‍රී ලංකාව තුළ අදහස් දැරීමේ නිදහසට, සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහසට ගරු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින" බවයි.

Skip X post, 8
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 8