ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බිග් ජෝන්: ලොව විශාලතම ට්‍රයිසරටොප් ඇට සැකිල්ල වෙන්දේසි වෙයි
ලොව මෙතෙක් සොයා ගන්නා ලද විශාලතම ට්‍රයිසරටොප් ඇට සැකිල්ල පැරිසියේදී වෙන්දේසි විය. ඩයිනෝසර විශේෂයක් වන ට්‍රයිසරටොප් සැකිල්ල අලෙවි වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4 ක වාර්තාගත මිලකටය.
2014 වසරේදී ඇමරිකාවේ දකුණු ඩකෝටා ප්‍රාන්තයෙන් සොයා ගන්නා ලද එම ඇට සැකිල්ල 'බිග් ජෝන්' ලෙස නම් කර තිබිණි.
මෑත කාලයේ පුද්ගලික හිමිකරුවන් විසින් ඩයිනෝසර ඇට සැකිලි මිලට ගැනීමේ රැල්ලක් පවතින අතර එය විද්‍යා පර්යේෂණවලට අයහපත් බලපෑම් ගෙන දෙනු ඇති බවට සමහර විශේෂඥයින් පවසයි.