කොරෝනා නිසා විදේශවල කොටු වූ ශ්‍රී ලාංකිකයෝ: "නොදන්න මිනිස්සු එක්ක බුදියල තමයි ලංකාවට එන්න වෙලා තියෙන්නේ"

"මගේ යාලුවෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා තමන්ගේ රටට එන්න විදියක් නැතුව ..."

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, "මගේ යාලුවෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා තමන්ගේ රටට එන්න විදියක් නැතුව ..."
    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල

ඕමානයේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණියක් ෆේස්බුක් ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් කරන ආයාචනයක් පසුගිය සතියේ ප්‍රබල අවධානයට ලක්විය.

"මම මේ වීඩියෝ එක කරන්නේ අන්තිමටම අසරණ වුණ වෙලාවේ," ඇය සිය වේදනාබර ආයාචනය අරඹන්නේ එලෙසිනි.

"කියන්න ගොඩක් දේවල් තියෙනවා, නමුත් අහන්න කෙනෙක් ඉඳීද කියන එකයි ප්‍රශ්නේ. අපි ගොඩක් අසරණ වෙලා ඉන්නේ."

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

කොරෝනාවෛරස වසංගතය හේතුවෙන් තමන් යළි සියරට ගෙන්වාගන්නා මෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් කළ ඉල්ලීමට කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණ බව ඇය පවසන්නීය.

"රුපියලටම අසරණ වුණ හින්ද තමයි ගෑණියෙක් රට එන්නේ. එහෙම ආපු ගෑණු, අද නොදන්න මිනිස්සු එක්ක බුදියල තමයි ලංකාවට එන්න වෙලා තියෙන්නේ. හරිම වේදනයි, කියන්න වචන නැහැ අපේ රටේ ගෑණු ගොඩක් අසරණ වෙලා මේ වෙලාවේ ... ," වේදනාවෙන් හඬමින් ඇය පවසන්නීය.

"මගේ යාලුවෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා තමන්ගේ රටට එන්න විදියක් නැතුව ..."

කෙතරම් ආයාචනා කළත් බලධාරීන්ට සිය වේදනාව නොහැඟෙන බවට ඇය චෝදනා කරන්නීය.

කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් විදේශයන්හි කොටු වී සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් කරන ඒ හා සමාන ආයාචනා ඇතුළු වාර්තා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පසුගිය දිනවල දකින්නට ලැබිණ.

ඉතා ඉක්මණින් ම ඔවුන් යළි සිය රට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් මානව හිමිකම් ක්‍රියාධරයන් සහ විරුද්ධ පක්ෂය ද දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවට පැමිණීමට සැරසෙමින් සිටින සංක්‍රමණික ශ්‍රී ලාංකිකයෝ

ඡායාරූප මූලාශ්‍රය, Supplied

ට්විටර් ඔස්සේ අදහස් දක්වමින් හිටපු කතානායක කරු ජයසූරිය පවසන්නේ, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි සිය රට පැමිණීමේදී විදේශීය සංචාරකයන්ට වඩා වැඩි මුදලක් සහ කාලයක් වැයකිරීමට සිදුවීම "ජාතික ප්‍රමුඛතා වරදවා ගැනීමක්" බවය.

"අපේ රටේ පුරවැසියන්ට මුල් තැන ලැබිය යුතුය."

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය ද ශ්‍රී ලංකා ආණ්ඩුව සංචාරකයන් සහ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන "දෙබිඩි පිළිවෙත" විවේචනය කර තිබිණ.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මාධ්‍යවේදිනී මුන්සා මුෂ්ටාක් අදහස් දක්වමින්, තමන් යළි සියරට ගෙන්වා ගන්නා මෙන් ඉල්ලමින් රැකියා අහිමි වූ සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් මැද පෙරදිග රටවල "මහ මඟ හිඟා කන" අතරවාරයේ, සිය නිල ලාංඡනය වෙනස් කිරීම පිණිස ටෙලිකොම් ආයතනය රුපියල් බිලියන දෙකක් වියදම් කිරීම දැඩි ලෙස හෙලා දැක තිබිණ.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

'මාෆියාවක්' ගැන චෝදනාවක්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුහුණ දී සිටින ඉරණම පිළිබඳව විමසීම පිණිස කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිපවරක්ම දැරූ උත්සහය සාර්ථක නොවීය.

කෙසේවෙතත්, දෙසැම්බර් 05 වෙනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ගසාකන මාෆියාවක් ක්‍රියාත්මක වන බවට චෝදනාවක් එල්ල කළේය.

"අද වෙනකොට සම්පූර්ණයෙන්ම අසාධාරණ විදියට මේ විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම කියන එක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා කණ්ඩායමක්. දැන් ලක්ෂ දෙකක් ටිකට් එකට දීලා, තව පහලොස් දාහක් විසි දාහක් හොර ඒජන්ට්ලාට දීලා මේකෙ ලැයිස්තුවට නම දාගන්න, මෙහෙට ආවාට පස්සෙ දවසකට දොලොස් දාහක් පහලොස් දාහක් විතර හෝටලේක කාමරේකට දවස ගාණෙ දුන්නාම සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් හතරහමාරක් විතර යනවා එළියට එනකොට," රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

"මේක මහා ජාතික අපරාධයක්. මේක මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සම්පූර්ණයෙන්ම විරුද්ධව කරන වැඩසටහනක්. ජනාධිපතිතුමා මේක නෙවෙයි කිව්වෙ. මේක මාෆියාවක්. මේක මාෆියාවක්!"

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරෝනා වෛරසය ; යුක්රේන සංචාරකයන්ට මුහුණු ආවරණ පැළදීමේ නීතිය වලංගු නොවේද?

'59,000 ක් සියරට ගෙන්වලා'

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසන්නේ, කෝවිඩ්-19 වසංගතය ආරම්භයේ පටන් මේ වනතුරු රටවල් 130 ක වාසය කළ ශ්‍රී ලාංකිකයන් 59,000 කට යළි සියරට පැමිණීම සඳහා කටයුතු සම්පාදනය කොට තිබෙන බවය.

ආණ්ඩුව තවදුරටත් ඔවුන් සියරට ගෙන්වීමේ ක්‍රියාවලියේ නිරතව සිටින බව ද අමාත්‍යවරයාගේ පණිවුඩයේ දැක්වේ.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4

ශ්‍රී ලාංකිකයන් යළි සිය රට බලා පැමිණෙන විට ඔවුන් නොමිලේ නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ යුතු බවට හෝ නොඑසේනම් නිවසේ සිට නිරෝධායනය සඳහා යොමු කළ යුතු බවට ද අමාත්‍ය නාමල් රාජපක්ෂ යෝජනා කොට තිබූ නමුත් ආණ්ඩුව එම යෝජනාව ක්‍රියාවට නගන්නේ දැයි පැහැදිලි නැත.

මේ අතර විදේශ රටවල රැකියාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු රජයේ විශේෂ අවසරය සහිතව ගුවන් යානා 18 කින් අඟහරුවාදා සහ බදාදා (දෙසැම්බර් 06) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

ඔවුන්ගෙන් වැඩි පිරිස මැදපෙරදිග රටවල රැකියාවල නියුතුව සිටි ගෘහ සේවිකාවෝ වූහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 114 දෙනෙකු ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි 57 දෙනෙකු ද ඇතුළත් එම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කීපයක සෞඛ්‍ය කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නිරෝධායනය සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.

විමුක්ති ව්‍යාපාරය

කෙසේ වුවත්, තවත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් රැකියා සහ උන් හිටි තැන් පවා අහිමි වී යළි සිය රට පැමිණිය නොහැකිව බොහෝ දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දී සිටිති.

සිරස නාලිකාව සමඟ අදහස් දක්වමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ කියා සිටියේ, තවත් 60,000 ක පමණ පිරිසක් එසේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විවිධ රටවල රැඳි සිටින බවය.

මේ වනවිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙන 61,787 ක් වන පිරිසෙන් 28,000 ක්ම පැමිණ සිටින්නේ මැදපෙරදිග රටවල සිට බවත් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය.

සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් මුහුණ පා සිටින මේ ඉරණම පිළිබඳව විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන මරිසා ද සිල්වා, අමලිනි ද සයිරා, මෙගාරා ටීගල්, ස්වස්තිකා අරුලිංගම්, ගීතිකා ධර්මසිංහ, ලක්මාලි හේමචන්ද්‍ර, රස්මා රම්සි, සාරා අරුමුගම් සහ විමුක්ති ද සිල්වා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බලධාරීන් වෙත ඉල්ලීම් 4ක් ඉදිරිපත් කර තිබිණ.

  • සංක්‍රමණික කම්කරුවන් විශාල සංඛ්‍යාවක් ආදායමක් නොමැතිව සිරවී සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, කටාර්, ඕමාන්, කුවේට්, ලෙබනනය, ජෝර්දානය සහ වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සංවිධානය කිරීම
  • කෝවිඩ් සහන අරමුදල භාවිතා කරමින් සංක්‍රමණික සේවකයින්ගේ මෙම ගුවන් ගමන් සඳහා ආපසු පැමිණීමට අරමුදල් සැපයීම
  • නොමිලයේ ලබාදෙන රජයේ නිරෝධායන පහසුකම් තුළ ඔවුන්ට නවාතැන් ලබාදීම
  • සහ නිරෝධායනය සඳහා මුදල් ගෙවීමට අපොහොසත් සංක්‍රමණික සේවකයන්ට නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ප්‍රයත්නයන් තුළ දී ප්‍රමුඛතාව අඩු නොකිරීම

එම ඉල්ලීම් හතර වේ.

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ දත්ත ප්‍රකාර සංක්‍රමණික ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ඉපැයීම් සඳහා ඉහළම දායකත්වය ලබා දී ඇති නමුත්, කෝවිඩ් -19 අර්බුදය ඇති වූ විට, රජය විසින් අතහැර දැමූ පළමු පිරිස අතර සංක්‍රමණික කම්කරුවන් ද වූ බව විමුක්ති ව්‍යාපාරය පෙන්වා දෙයි.

"මාස ගණනාවක් පුරා ඒ සඳහා විවිධ හේතු දක්වනු ලැබුණි. නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා වූ විදේශ අමාත්‍යාංශයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පහළින්ම සිටින්නේ ඔවුන්ය. මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සඳහා දායක වීමට මේ දක්වා අපේ රජය අපොහොසත් වී තිබේ. ඒ කොවිඩ් අරමුදලෙන් රජය බිලියන 1.6 කට වඩා ලබාගෙන තිබියදීත්ය," යනුවෙන් ද නිවේදනයේ දැක්වේ.

යළි සියරට පැමිණෙන ශ්‍රී ලාංකිකයෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Coronavirus Sri Lanka

කියවන්න:

Coronavirus Sri Lanka

පරිත්‍යාගශීලීන්

මැද පෙරදිග රටවල කොටු වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉරණම පිළිබඳව විශේෂ ලිපියක් සම්පාදනය කරන විමුක්ති ව්‍යාපාරයේ ක්‍රියාධාරිනී අමලිනී ද සයිරා, කොරෝනා වසංගතය ආරම්භයේ පටන් විශේෂයෙන්ම මැද පෙරදිග සේවයේ නියුතු සංක්‍රමණික සේවිකාවන් මුහුණ දුන් අතවර සහ දුෂ්කරතා පිළිබඳව සවිස්තරව දක්වා තිබිණ.

"රට තුළ COVID-19 වෛරසයේ ව්‍යාප්තික ස්වභාවය නිසා තම නවාතැන් අතහැර යාමට බිය වූ මැදපෙරදිග සිටින ගැබිනි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවිකාවන් පිළිබඳව ජුනි 8 වන දින වීඩියෝ මාලාවක් මගින් පෙන්වන ලදි. ආදායම් නොමැති වීම නිසා ඖෂධ හෝ සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඔවුන්ට නොහැකිවන අතර, තමන් රැකියාව සඳහා සංක්‍රමණය වී සිටින එම රටවල රාජ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශවීමේ හිමිකම ද ඔවුන්ට නැත," යනුවෙන් එහි දැක්වේ.

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තානාපති කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් පිරිසකට ජෝර්දාන පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව ජුලි 28 වන දින මාධ්‍ය වාර්තා කළ බව පවසන ලේඛිකාව, "කඳුළු ගෑස් නිසා ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් කම්කරුවන් 20 ක් පමණ රෝහල් ගත කර තිබූ," බවත් සිහිපත් කරයි.

Skip X post, 5
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 5

ඩුබායි හි සහන සංවිධාන ජාලයක් සහ ලොව පුරා සිටින පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් "ශ්‍රී ලංකා ගුවන් සේවය වෙතින් සෘජුවම ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන" ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු යළි සියරට ගෙන්වා ගැනීම පිණිස රුපියල් මිලියන 15 කට අධික මුදලක් පරිත්‍යාග කර තිබෙන බව ද අමලිනි ද සයිරා සිය ලිපියේ සඳහන් කරයි.

"විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් එවන ලද මුදලින් පෝෂණය වන අය විදේශිකයන් රට ඇතුළට ගෙන එනවා. ලැජ්ජයි, ගෝඨාභය මහත්තයා, මම කතා කරන්නේ ඔබට ඡන්දය දුන් අයෙකු විදිහටයි," යනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ මුදලින් යළි සිය රට පැමිණි පුද්ගලයෙක් පවසා තිබුණි.

සජිත් ප්‍රේමදාස

මේ අතර පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, ටෙලිකොම් ආයතනයේ සන්නාම නාමය වෙනස් කිරීම පිණිස වැය කළ රුපියල් බිලියන දෙක යොදාගත්තේ නම් විදේශගත ශ්‍රී ලාංකිකයන් 44,000 ක් ගෙන්විය හැකිව තිබූ බවය.

තවදුරටත් කරුණු දක්වන විමුක්ති ව්‍යාපාරය, "හෝටලයක දින 14 ක නිරෝධායනය සඳහා මුදල් ගෙවීමට නොහැකි නිසා මෙරටට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සඳහා තානාපති කාර්යාල විසින් තමන්ට ප්‍රමුඛත්වය නොදක්වන බව කම්කරුවන් පවසයි. ඔවුන්ගේ සමහර සේවා යෝජකයින් විසින් ටිකට් පත් සඳහා ගෙවීම් කිරීමට කැමැත්තෙන් සිටින නමුත්, නොමිලේ රජයේ නිරෝධායන පහසුකම් සඳහා පහසුකම් සැලසීමට සිදුවන බැවින් ඔවුන්ව පසෙකට කොට නිරෝධායනය සඳහා මුදල් ගෙවිය හැකි පුද්ගලයින්ට පැමිණීමට අවසර දීම සිදුවේ," යනුවෙන් ද සඳහන් කරයි.

අතරමංව සිටින ශ්‍රී ලාංකික කම්කරුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට සහ ප්‍රමාණවත් නිරෝධායන පහසුකම් සැපයීම සඳහා "කෝවිඩ් ජනාධිපති අරමුදල" භාවිත නොකළේ මන්දැයි ප්‍රශ්න කරන එම ව්‍යාපාරය අවධාරණය කරන්නේ, ශ්‍රී ලාංකික කම්කරුවන් තවමත් විදේශයන්හි අතරමංව සිටින අතරතුර නියමු ව්‍යාපෘතියක් මගින් ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීම "කිසිසේත් පිළිගත නොහැකි," බවය.