මහර බන්ධනාගාරයේ ගැටුම තවමත් නිම වී නෑ - සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව

රැඳවියකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ආයාචනය කරන ආකාරය සමාජ මාධ්‍යවල සටහන්ව තිබූ අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, රැඳවියකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙක් ඉදිරියේ ආයාචනය කරන ආකාරය සමාජ මාධ්‍යවල සටහන්ව තිබූ අයුරු

මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන් වාතාවරණය තවදුරටත් පහව ගොස් නොමැති බව සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව පවසන අතර පොලිසිය පවසන්නේ, රැඳවියන් පිරිසක් බන්ධනාගාර පිවිසුමට පැමිණි නිසා ඔවුන් විසුරුවා හැරීම පිණිස අහසට වෙඩි තැබූ බවය.

"ආයිත් වෙඩි තැබීම් වෙනවා කියල අපිට ආරංචි වෙනවා. මේ වෙනකොට කිසිම නිලධාරියෙක් ඇතුළේ නෑ කියල තමයි අපිට ආරංචි. එළියේ ඉඳල ඇතුළට වෙඩි තියනවා ඇතුළේ ඉන්න රැඳවියන් අපිව මරන්න එපා කියල කෑගහනවා," යනුවෙන් සිරකරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති නිතීඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ, මේ වන විට බන්ධනාගාරය තුළ තත්ත්වය පාලනය කර ඇති බවය.

"රැඳවියන් පිරිසක් ගේට්ටුව ලඟට ආපු නිසා ඔවුන්ව විසුරුවා හරින්න අහසට වෙඩි තියල තියෙනවා. ඒත් දැනට තත්වය පාලනය කරලා තියෙන්නේ," නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ඉරිදා ඇති වූ ගැටුම හේතුවෙන් මියගිය පුද්ගලයින් අට දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් ඇති අතර, තුවාල ලැබූ 63 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බවත් රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මාධ්‍ය වෙත පැවසීය. ඔහු පවසන පරිදි ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතළය.

රාගම රෝහලට ඇතුළත් කරන ලද රැඳවියන් 71 දෙනෙකුගෙන් 48 දෙනෙකු මේ වන විට පී සී ආර් පරීක්ෂාව සඳහා යොමු කර ඇති අතර, ඔවුන් අතරින් රැඳවියන් 26 දෙනෙකු ම කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි රාගම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉරිදා ගැටුම හටගැනීමත් සමඟම රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වී තම ඥාතීන් පිළිබඳව විස්තර විමසූහ. එහෙත් ඔවුනට තම ඥාතීන් පිළිබඳව කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකි වූ බව සමහර දෙමාපියෝ පැවසූහ.

සුජීවා ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය සමඟ පවසුවේ තම පුතා පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වූ බවයි.

"අපි අද උදේ ඉඳල බන්ධනාගාරය ඉස්සරහ හිටියට අපේ පුතා ගැන කිසිම තොරතුරක් ලැබුනේ නෑ. අනේ සර් අපේ පුතාට මොකද උනේ කියල හොයල දෙන්න," යනුවෙන් ඇය හඬමින් බීබීසී සිංහල සේවයෙන් ඉල්ලා සිටියාය.

මවුවරුන් පොලිස් නිලධාරීන්ගේ දෙපා නමැද සිය දරුවන් බේරාදෙන ලෙසත් ඔවුන්ගේ ගැන තොරතුරු දන්වන ලෙසත් ආයාචනා කරන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පිළිබඳ විශේෂ පරීක්ෂණයක් කරන්නැයි, ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේ, ඒ අනුව ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවය.

මේ අතර සිදුවීම විමර්ශනය කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබ ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා, අධිකරණයේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ පත්කොට තිබෙන අතර, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

අදාළ සිද්ධියට පාදක වූ කරුණු, ඒ සඳහා වගකිව යුතු පාර්ශවයන් හා ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා මෙවැනි සිද්ධීන් වළක්වා ගැනීමට ගතයුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර, අදාළ කමිටුව විසින් සතියක් ඇතුළත අතුරු වාර්තාවක් ද, මාසයක් ඇතුළත කෙටි කාලීන හා දීර්ඝ කාලීනව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු යයි අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දන්වා තිබෙන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

මේ අතර පවතින තත්ත්වය පිලිබඳව තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉසංක ජයසිංහ පැවසුවේ "සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න මනුෂ්‍යයෝද සිරකරුවන් ය ලෙසින් වෙනස් වෙමින් පවතී. සූදානමින් සිටින්න," යනුවෙනි.

කියවන්න: