ශ්‍රී ලංකා ජනාධිපතිවරණය: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂට සහය දීමට පදනම් වූ හේතු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ඡායාරූප මූලාශ්‍රය, SLFP/Facebook

2019 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළ බව එම පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා බදාදා (ඔක්: 09) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වූහ.

"අපට නිහඩව ඉන්න පුළුවන්කමක් නෑ මෙවැනි ජාතික මැතිවරණයකදී. රට අගාධයට ගිහිල්ලා තියෙන අවස්ථාවකදී රට අගාධයෙන් බේරා ගැනීම සදහා අපි ජනමතය සමග ගමන් කරන්නට ඕන. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශීර්වාදය සහිතව අපි තීන්දු කළා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට උපකාර කරන්න ඕන කියලා. නැත්නම් පක්ෂයකට බැදීමක් නෙවේ," ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

නිමල් සිරිපාල ද සිල්වා එහිදී පැවසුවේ, "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් බොක්කෙන් ම වැඩ කරනවා," යනුවෙනි.

ඔහු සදහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය රාජපක්ෂ සමග අවබෝධතා ගිවිසුම් දෙකක් ඇති කර ගැනීමෙන් අනතුරුව ඔහුට සහය දීමට තීරණය කළ බවය.

ප්‍රතිපත්ති මාලාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභය රජපක්ෂට ලබා දීම සදහා එකග වී ඇති ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු මෙසේය.

  • ජාතික ආරක්ෂාව තහවුරු කිරීම
  • බුද්ධාගමට පළමු තැන ලබා දීම
  • සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම
  • ආර්ථිකය නගා සිටුවීම
  • යහපාලනය තහවුරු කිරීම
  • මත්ද්‍රව්‍ය භාවිතය අඩු කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම
  • වන සංරක්ෂණය
  • අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා කිරීම
  • විද්‍යාත්මක පදනමක් මත අමාත්‍ය මණ්ඩලය සකස් කිරීම

ඉදිරියේදී සිදු වන වෙනස්කම්

ජනාධිපතිවරණයේදී ඡන්ද ලකුණ වෙනස් කර ගැනීමට නොහැකි වුව ද ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව තරග කිරීමට එකගතා ඇති කර ගත් බව ද නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී සදහන් කළේය.

ඒ අනුව, එම පක්ෂ දෙක එක්ව ගොඩ නගන සන්ධානය 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' ලෙස නම් කිරීමටත් ඡන්ද ලකුණ ලෙස 'පුටුව' භාවිත කිරීමටත් එකග වී ඇතැයි ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානය මීට පෙර දිගින් දිගට ම ප්‍රකාශ කළේ, 'පොහොට්ටුව' ඡන්ද ලකුණ යටතේ ඉදිරිපත් වුවහොත් ගෝඨාභය රාජපක්ෂට සහය නොදෙන බවය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ, "අපේ පාක්ෂිකයන්ට කියන්න කැමතියි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් පාවාදෙන්න අපි සූදානම් නෑ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ප්‍රගතිශීලී බලවේගත් එක්ක එක මාර්ගයක යනවා," යනුවෙනි.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවී තිබුණු අතර එම වාර්තා අසත්‍ය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට්විටර් පණිවුඩයක් පළ කර තිබිණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට අදහස් පළ කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල

ඡායාරූප මූලාශ්‍රය, KEHELIYA RAMBUKWELLA/FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, කෙහෙළිය රඹුක්වැල්ල

ඔහු පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොමැති බවය.

ඉදිරි මැතිවරණවලදී සන්ධානගත වීම සහ ඡන්ද ලකුණ පිළිබදව විමසූ අවස්ථාවේ ඔහු සදහන් කළේ, "ඒවා මේ ඡන්දෙට අදාළ නැහැ. ඊළග මැතිවරණවලදී අපි ඒවා සාකච්ඡා කරළා එකගතාවකට එනවා. ඒ වගේ ම ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ප්‍රතිශතය ගැනත් ඔවුන් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ගැන කතා කරලා එකගත්වයකට එන්න පුළුවන්."

කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවය පැවසුවේ, ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනාවලින් 51%ක ප්‍රතිශතයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය යුතු බවට සිය පක්ෂය තීරණය කර ඇති බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා ඇති නාම යෝජනා ප්‍රතිශතය 30%කි.

"අපිත් එක්ක පක්ෂ 17ක් ඉන්නවා. නාම යෝජනා ලබා දීමේදී ඔවුන් එක්කත් සාකච්ඡා කරන්න වෙනවා. කොහොම වුණත් මේ තියෙන තත්ත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම් අපට ගැටලුවක් වෙන්නේ නෑ," පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

තවදුරටත් කියවන්න.