ජනාධිපතිවරණය: "සිංහල ඡන්ද කියලා ජාතියක් ශ්‍රී ලංකා ඡන්ද හිමි නාම ලේඛනයේ නැහැ" - මහින්ද දේශප්‍රිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාව තවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීමක් අබියසට පැමිණ සිටී.
ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය වීම නිසාත්, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එක් අපේක්ෂකයෙකුගේ පුරවැසිභාවය ප්‍රශ්න කිරීමකට ලක්ව ඇති නිසාත්, ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් වන බවක් නොපෙනීම සහ තවත් කරුණු රැසක් නිසාත් මෙවර ජනාධිපතිවරණය සුවිශේෂී වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බ්‍රහස්පතින්දා (ඔක්: 03) පෙරවරුවේ බීබීසී සිංහල සේවයට පැවසූ පරිදි බදාදා (ඔක්: 02) වන විට ඇප මුදල් තැන්පත් කර තිබූ අපේක්ෂකයින් සංඛ්‍යාව 20 දෙනෙකි.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම ද ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වනු ඇතැයි එම සංවිධානයේ ප්‍රකාශකයෙක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඔස්සේ බ්‍රහස්පතින්දා පෙරවරුවේ හෙළි කළේය.
ඔක්තෝබර් 06 වන දා තෙක් ඇප තැන්පත් කිරීමට කාලය ලබා දී තිබේ.
"සිංහල ඡන්ද"
විවිධ පක්ෂ සහ පාර්ශව නියෝජනය කරමින් අපේක්ෂකයින් විශාල පිරිසක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමත් සමග "මෙය සිංහල ඡන්ද තීරු තීරුවලට කැඩීමේ උපාය මාර්ගයක්" බවට එක් පාර්ශවයක් මතවාදයක් ඉදිරිපත් කළේය.
මෙම මතය පළමු වරට ඉදිරිපත් කළේ, හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ඉඟි පළවීමෙන් පසු සැප්තැම්බර් 21 වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශය.
"දැන් බලනවා ඒ දේශමාමක බලවේගවල ඡන්දයි, තරුණ ඡන්දයි ටිකක් කඩන්න සිංහල ඡන්ද ටිකක් කඩන්න කවුද අර මහේෂ් සේනානායක කියල හිටිය මෑතක හමුදාපති අපේ ආණ්ඩුව කාලේ ඇමෙරිකාවෙ ගිහින් හිටපු ඊට පස්සේ මේ ආණ්ඩුව ආවට පස්සේ ආපු මහේෂ් සේනානායක කියන හමුදාපතිවරයා. සර්වෝදය ව්‍යාපාරය හරහා සළුවක් පැළදගෙන දැන් බලනවා, සිංහල ඡන්ද දෙමළ ඡන්ද කඩන්න, තමන්ගේ හමුදා ප්‍රතිරූපය පාවිච්චි කරලා එක්සත් ජනපද උපාය මාර්ගයට අනුව. ඔවුන්ගේ උපාය මාර්ගය සිංහල ඡන්ද තීරු තීරුවලට කඩන්න. ඒකට එක එක අපේක්ෂකයෝ මේ පාර දානවා," යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.
පසුව එම ප්‍රකාශය පිළිකුළෙන් ප්‍රතික්ෂේප කරන බවට ජනරාල් මහේෂ් සේනානායක සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Mahesh Senanayake - Sri Lankan Sefence/Facebook
විමල් වීරවංශගේ ප්‍රකාශයත් සමග "සිංහල ඡන්ද කැඩීම" යන්න සමාජ මාධ්‍යවල ජනප්‍රිය මාතෘකාවක් බවට පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, facebook

ඡායාරූප මූලාශ්‍රය, facebook

ඡායාරූප මූලාශ්‍රය, facebook
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
මේ අතර, ජනසෙත පෙරමුණ පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද සිය ඡන්ද ව්‍යාපාරය "සිංහල ඡන්ද" ඉලක්ක කරමින් සිදු කරන බවක් පෙනේ.
යූ ටියුබ් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එම හිමියන් පවසා ඇත්තේ, "සිංහලයන්ට අවශ්‍ය නම් එක එකා පස්සෙ යන්න ඕනෙ නෑ. ජනසෙත පෙරමුණ තියෙනවා," යනුවෙනි.
"සිංහල ඡන්ද" කඩන්න පුළුවන් ද?
ජනාධිපතිවරණයට මෙතෙක් ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින්ගෙන් බහුතරය සිංහල ප්‍රජාව නියෝජනය කරන අතර ඒ තුළින් "සිංහල ඡන්ද කැඩීමක්" සිදු වන්නේ ද?
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි බීබීසී සිංහල සේවයට පැවසුවේ, එය "ජාතිවාදය පදනම් කරගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සහ දරන පාර්ශවයක්" ඉදිරිපත් කරන මතයක් බවය.

ඡායාරූප මූලාශ්‍රය, Dr. Sunanda Premasiri/Facebook
"ඔය වගේ මතයක් ඉදිරිපත් කරන්නේ, ජාතිවාදී පදනම මත ඡන්දය ජය ගැනීමට උත්සහ දරන පාර්ශවයක්. යහපත් ප්‍රතිපත්ති සහිතව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට මේ තත්ත්වය බලපාන්නේ නැහැ."
ඇය පෙන්වා දුන්නේ, ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාව තුළ විශ්වාසය බිඳ වැටෙමින් පවතින බවක් මෙවර දක්නට ලැබෙන බවය.
"සිංහල ඡන්ද කඩන්න අපේක්ෂකයෝ ඉදිරිපත් වෙනවා කියන එක මම පිළිගන්නේ නැහැ. ප්‍රධාන දේෂපාලන පක්ෂ ගැන කලකිරුණු ජනතාව විකල්ප අපේක්ෂකයින් ඉල්ලා සිටින තත්ත්වයක් තුළ තමයි මේ අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ. අනික් අතට මේ අපේක්ෂකයින් ඡන්ද කඩන්න ඉදිරිපත් වෙනවා කියල මත ඉදිරිපත් කරන එකත් දේශපාලන කැම්පේන් එකක් වෙන්නත් පුළුවන්," ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි සදහන් කළාය.
"පවතින දේශපාලනික අර්බුදයේ පැතිකඩක්"

ඡායාරූප මූලාශ්‍රය, WWW.CMB.AC.LK
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වීම හරහා පෙනී යනුයේ, "ශ්‍රී ලංකාවේ සමස්ත සමාජයේ පවතින දේශපාලනික අර්බුදයේ පැතිකඩක්" බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
"ඕන කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා ඡන්දය ඉල්ලන්න. අපිට කියන්න බැහැ ඔයා එන්න එපා, ඔයා විතරක් එන්න කියලා. එහෙම කියන්නේ තමන්ගේ ශක්තිය ගැන විශ්වාසයක් නැති අය. යම් ජන කොටසක ඡන්දවල අයිතිය තියෙන්නේ තමන්ට පමණයි කියල යම් අපේක්ෂකයෙක් හිතනවා නම් ඒක විහිළුවක්. මේ පාර වැඩි පිරිසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකෙන් පේන්නේ සමාජයේ පවතින දේශපාලන අර්බුදයේ පැතිකඩක්. මේ පාර ප්‍රධාන දේශපාලන පක්ෂ වෙනුවට විකල්ප අපේක්ෂකයින් වෙත ඡන්ද දායකයින් නැඹුරු වෙන බවක් පෙනෙනවා."
"සිංහල ඡන්ද කියලා ඡන්ද ජාතියක් නෑ" - මහින්ද දේශප්‍රිය
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ මතය ද විමසීමු.
"මෙන්න මේක කෙලින් ම මම කිව්වා කියලා ලියා ගන්න. ශ්‍රී ලංකා ඡන්ද හිමි නාම ලේඛනයේ සිංහල ඡන්ද කියලා ඡන්ද ජාතියක් නෑ."
ජාතික මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය සඳහා ලියාපදිංචි වී සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව 15,992,096 දෙනෙකි.
ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වීම සඳහා ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%කට වැඩි ප්‍රතිශතයක් ලබා ගත යුතුවේ.
තවදුරටත් කියවන්න:








