ශ්‍රී ලංකාවේ ප්‍රහාර: "දෙව් මැදුර වසා දැමුවේ වසර 160 කට පස්සේ"

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරගනිමින් පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයට සතියක් ගතවන ඉරිදා (අප්‍රේල් 28) දින දිවයින පුරා කතෝලික දේවස්ථාන සාම්ප්‍රදායික දේව මෙහෙය නොපැවැත්වීමට ශ්‍රී ලංකා කතෝලික සභාව පියවර ගෙන තිබිණ.

ඒ රට පුරා පවතින ආරක්ෂක වාතාවරණය හේතුවෙනි.

ප්‍රහාරයට ලක් වූ කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපස විශේෂ දේව මෙහෙයක් පැවැත්වුන අතර, අගමැති රනිල් වික්‍රමසිංහ ද එයට සහභාගි වී සිටියේය.

මේ අතර කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්ගේ ප්‍රධානත්වයෙන් අගරදගුරු මන්දිරයේ පැවති දිව්‍ය පූජා යාගය රූපවාහිනී ඔස්සේ විකාශය කෙරිණ.

අගරදගුරු මන්දිරයේ පැවති දිව්‍ය පූජා යාගය
ඡායාරූප ශීර්ෂ වැකිය, අගරදගුරු මන්දිරයේ පැවති දිව්‍ය පූජා යාගය
කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපස පැවැත්වුන විශේෂ දේව මෙහෙය

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/ OMAR RAJARATNAM

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපස පැවැත්වුන විශේෂ දේව මෙහෙයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැතිවරයා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ද එයට සම්බන්ධ වූ අතර, බොහෝ ජනතාව නිවෙස් වල සිට දේව මෙහෙයට එක්වූහ.

පාස්කු ඉරිදා දිනයේ වැඩිම පිරිසක් මියගියේ මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙනි.

ඒ හේතුවෙන් හලාවත ආසන දෙව්මැදුර ඇතුළු වයඹ බටහිර වෙරළ තීරයේ කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථානවලට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී තිබූ අයුරු දක්නට ලැබිණි.

දේවස්ථාන ඉදිරිපිට ඉරිදා දිව්‍ය පූජා යාගය නොපැවැත්වෙන බව සඳහන් දැන්වීම් අලවා තිබුණු අතර, පසුගිය ඉරිදා ප්‍රහාරය එල්ල වූ පෙරවරු 8:45 ට දේවස්ථාන වල සීනුව නාද කෙරිණ.

හලාවත ආසන දෙව්මැදුර වෙත පැමිණි බැතිමතුන්
හලාවත ආසන දෙව් මැදුර

දිව්‍ය පූජා යාගය නොපැවැත්වෙන බව කලින් දැනුම් දී තිබුණ ද සැලකිය යුතු පිරිසක් දේවස්ථාන වෙත පැමිණ කඳුළු සලමින් යළි නිවෙස් බලා යන අයුරු දක්නට ලැබිණ.

හලාවත ආසන දෙව් මැදුර මෙසේ වසා දමනු ලැබුවේ වසර 160 කට පසු බව බැතිමත්තු සඳහන් කළහ. ආරක්ෂක වාතාවරණය යටතේ පවා එය වසා දැමීම ගැන ඇතැමුන් විරෝධය පළ කළ ආකාරය ද දකින්නට ලැබිණ.

"මේවා සහ ගහන අපරාධ. මම කවදාවත් ඉරිදා පුජාවට සහභාගි නොවී ඉඳල නැහැ. අද තමයි මට දිව්‍ය පූජා යාගය නැතිවුනේ. ආරක්ෂාව දලා හරි ලබන සතියේ පූජාව තියන්න ඕනෑ.," එක පුද්ගලයෙක් පැවසීය.

ඇතැම් දේවස්ථාන වල කතෝලික ආගමික පියතුමන් ද රූපවාහිනියෙන් විකාශය වූ දිව්‍ය පූජා යාගයට එක්ව සිටි අතර බොහෝ ජනතාව නිවෙස් වල සිට එම දිව්‍ය පූජා යාගයට සම්බන්ධ වූහ.

අගමැතිවරයාගේ ප්‍රකාශය

හලාවත ආසන දෙව් මැදුර අසල ආරක්ෂාව

මේ අතර විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, මේ වනවිට පවතින ආරක්ෂක වාතාවරණය සහ පරීක්ෂණවල ප්‍රගතිය ගැන පැහැදිලි කළේය.

විශේෂයෙන්ම සමන්තුරේ, නින්දවූර්, අඩ්ඩාලච්චේනෙයි, සයින්දමරුදු ප්‍රදේශවල නිවාස කිහිපයකින් ජිහාඩ් ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ආයුධ අත්පත් කර ගැනීම සඳහා හැකියාව ලැබුණේ ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ලබාදුන් ඔත්තු සහ කරුණු දැක්වීම් හේතුවෙන් බව පෙන්වා දුන් අගමැතිවරයා, රහස් ඔත්තු සේවාවල ක්‍රියාකාරිත්වය ගැන ද පැහැදිලි කළේය.

"අපගේ බුද්ධිඅංශ හතක් තිබෙනවා. ඔවුන් පසුගිය වසර තුන හතර තුළ විදේශ බුද්ධි සේවා සමග ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති කර ගෙන වැඩකටයුතු කරගෙන යනවා. මේ කාලයේදී මීට පෙර නොතිබූ සම්බන්ධයක් ගොඩනඟාගෙන තිබෙනවා. ඊට අමතරව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධි පරීක්‍ෂා කරගෙන ගොස් පසුගිය සතියේදී සැකකරුවන් බොහෝ දෙනෙක් හඳුනාගත්තා," අගමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දිගටම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අතරින් අම්පාර දිස්ත්‍රික්කය වෙත විශේෂ අවධානය යොමු වී තිබේ.

කියවන්න: