ශ්‍රී ලංකාවේ පිපිරීම් : පාස්කු දින සිට මේ දක්වා අප දන්නා කරුණු

People who live near the church that was attacked yesterday, leave their houses as the military try to defuse a suspected van before it exploded in Colombo, Sri Lanka April 22, 2019.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කිතුනු දේවස්ථාන සහ ප්‍රමුඛ පෙළ සංචාරක හෝටල් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරවලට හසුව මරණයට පත් සංඛ්‍යාව 350 කට අධිකය.

දශකයකට ඉහත දී අවසන් වූ සිවිල් යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය මෙයය. මරණයට පත් පිරිසෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන්ය. එමෙන්ම විදේශිකයන් තිස් අට දෙනෙකුවත් ප්‍රහාරවලට හසුව මරණයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ 'ජාතික තව්හිත් ජමාත්' නමැති කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටින බවය. පොලිසිය විසින් හැටකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මේ අතර සිය මාධ්‍ය ඒකකය හරහා නිවේදනයක් නිකුත් කරමින් අයිඑස් සංවිධානය අඟහරුවාදා (අප්‍රේල් 23) කියා සිටියේ ප්‍රහාරය පිටුපස සිටින්නේ තම සංවිධානය බවය.

මේ දක්වා අප දන්නා කරුණු මෙසේය:

ප්‍රහාර පිළිබඳ පළමු වරට වාර්තා වූයේ අප්‍රේල් 21 වෙනි ඉරිදා උදෑසන 08:45 පමණය. කෙටි කාල පරාසයක් ඇතුලත පිපිරීම් හයක් වාර්තා විය.

කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් සහ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන කොළඹ පිහිටි සංචාරක හෝටල් ඒ අතර වේ.

පොලිස් කණ්ඩායම් සැකකරුවන් සොයා මෙහෙයුම් දියත් කළ අතර වැටලීම් අතරතුර දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම්හලක සහ දෙමටගොඩ මහල් නිවාසයක තවත් පිපිරීම් දෙකක් වාර්තා විය.

පිපිරීම් සිදු වූයේ කෙසේද?

අප්‍රේල් 21 උදෑසන 08:45 - 09:00 අතර

  • දේවස්ථාන සහ සංචාරක හෝටල් 6 ක් කෙටි කාල පරාසයක් තුළ ප්‍රහාරයට ලක් විය
මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මීගමුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානය

පෙරවරු 11.00

  • ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් දින දෙකක කාලයක් පාසල් වසා දමනු ලැබීය

පස්වරු 13:45

  • පළමු පිපිරීම් මාලාව සිදු වී පැය 5 ට පමණ පසු දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම් හලක තවත් පිපිරීමක් වාර්තා විය. ඒ එදින සිදු වූ හත් වෙනි පිපිරීමය.
දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම් හලක තවත් පිපිරීමක්
ඡායාරූප ශීර්ෂ වැකිය, දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම් හලක තවත් පිපිරීමක්

පස්වරු 02:15

  • දෙමටගොඩ මහල් නිවාස සංකීරණයක සිදු කළ වැටලීමක් අතරතුර තවත් පිපිරීමක් සිදු වූ අතර ඉන් පොලිස් සාමාජිකයන් තිදෙනෙකු මරණයට පත් විය.
දෙමටගොඩ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙමටගොඩ මහල් නිවාසයක සිදු කළ වැටලීම

පස්වරු 14:30

  • ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ප්‍රමුඛ පෙළ සමාජ ජාල පණිවුඩ සේවා අත්හිටුවීමට පියවර ගනු ලැබීය.

පස්වරු 14:45

  • පස්වරු 06:00 සිට පසුදින උදෑසන 06: දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබිණ.

පස්වරු 10:00

  • මුස්ලිම් පල්ලියක් වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සහ මුස්ලිම් භක්තිකයන්ට හිමි වෙළඳසල් දෙකක් ගිනි තබා ඇතැයි පොලිසිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
සිතියම

අප්‍රේල් 22 2019

පෙරවරු 06:00

  • පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබීය.

පෙරවරු 07:42 ට පමණ

  • කටුනායක ගුවන් තොටුපල අසල තිබී පුපුරන ද්‍රව්‍ය සහිත බටයක් සොයා ගනු ලැබීය.

පෙරවරු 08:30

  • මරණයට පත් සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පැවසූහ.

පස්වරු 12:30 ට පමණ

  • ආරක්ෂිත පියවරක් වශයෙන් රාත්‍රී 08:00 සිට පසුදින අලුයම 04:00 දක්වා යළි පොලිස් ඇඳිරිනීතිය පනවන බව ආණ්ඩුව පැවසීය.

පස්වරු 03:27 ට පමණ

  • පිටකොටුව බැස්තියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පලක තිබී පොලීසය විසින් ඩෙටනේටර 87 ක් සොයා ගනු ලැබීය.

පස්වරු 04:18 ට පමණ

  • ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල රථයක තිබූ බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කරන අතර එය පුපුරා ගියේය.

ඒ ඒ ප්‍රහාරයට හසුව කොපමණ සංඛ්‍යාවක් මිය ගියේදැයි යන්න පිළිබඳ පොලිසිය මෙතෙක් තොරතුරු ප්‍රකාශයට පත් කර නොමැත.

පොලිස් ආරංචිමාර්ගවලට අනුව තවත් සංචාරක හෝටලයක් වෙත එල්ල කිරීමට පැවති සැලසුම් අසාර්ථක වී ඇත.

කොපමණ සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේද?

prahara

බදාදා (අප්‍රේල් 04) වන විට නිල වාර්තාවලට අනුව 359 දෙනෙකකු මරණයට පත්ව ඇති අතර 500 අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, පෘතුගාලය, ඉන්දියාව, තුර්කිය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ජපානය, ස්විට්සර්ලන්තය , ස්පාඤ්ඤය, බංග්ලාදේශය, ඇමරිකාව සහ චීනය යන රටවලට අයත් විදේශිකයන් ද මරණයට පත් පිරිස අතර වෙති.

ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද?

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

සඳුදා (අප්‍රේල් 22) ශ්‍රී ලංකා ආණ්ඩුව කියා සිටියේ 'ජාතික තවුහිද් ජමාත්' නමැති කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස සිටින බවය.

අයිඑස් සංවිධානය විසින් ප්‍රහාරය සිදු කරන ලද බව එහි මාධ්‍ය ඒකකය විසින් අඟහරුවාදා (අප්‍රේල් 23) නිවේදනය කළේය. ප්‍රහාරයට සහභාගි වූ බව පැවසෙන පුද්ගලයන්ගේ සමූහ ඡායාරූපයක් 'අමාක්' නමැති මාධ්‍ය ඒකකය විසින් පසුව ප්‍රකාශයට පත් කර තිබිණි. එහි එක් පුද්ගලයෙකු පමණක් මුහුණ නිරාවරණය කර සිටින අතර ඇතැමෙක් අත පිහි තිබෙන ආකාරය දැකිය හැක.

"ක්‍රිස්තියානි සහ ශ්‍රී ලංකා පුරවැසියන් ඉලක්ක කරමින් පෙරේදා ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ISIS සටන්කරුවන්ය," යනුවෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.

බදාදා (අප්‍රේල් 24) රාත්‍රී 10 සිට බ්‍රහස්පතින්දා (අප්‍රේල් 25) උදෑසන 04 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිසිය නිවේදනය කළේය.