ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "පහත් තැනේ වැඩපොජ්ජවල් නිසා අපිට ජාත්‍යන්තරය හිනාවෙනවා" - ආදිවාසී නායක

ආදිවාසි නායක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

රට කරවන මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාව ද ලෝකයා ඉදිරියේ අපහසුතාවට පත්වන බව ශ්‍රී ලංකාවේ ආදිවාසී නායකයා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් "කුඩා ළමුන් සේ හැසිරීම නිසා" ජාත්‍යන්තරය වශයෙන් රටේ ප්‍රතිරූපයට හානි සිදුව ඇතැයි තමන්ට හැඟෙන බව ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගේ වන්නියල ඇත්තෝ කියා සිටී.

"රටක් හැටියට ජාතියක් හැටියට ලෝකෙට කතා කරන්නෙ මේ රට මහ ජාතියක් කියලයි. මහජාතියයි කියල කියන මේ අයගෙ ප්‍රතිපත්ති හැසිරීම මේකද මේ අයගෙ සංස්කෘතිය මේකද කියල ලෝකෙ ජනතාව හිනාවෙනවා."

ආදිවාසී නායකයා පවසන පරිදි රටවල් 28 ක සහභාගිත්වයෙන් පසුගියදා ඉන්දියාවේ පැවති පාරම්පරික වෛද්‍ය සම්මේලනයකට ඔහු සහභාගි වී තිබේ.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

තමන් ඇතුළු කණ්ඩායම සඳහා වෙන් කර තිබූ ශ්‍රී ලංකාව යනුවෙන් සටහන් කළ නාම පුවරුව අසලට ගමන් කරන අවස්ථාවේ එහි සිටි ඇතැමුන්ගේ ඉරියව් තුළින් ඒ බව පිළිබිඹු වූ බව ආදිවසී නායකයා කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ගුටි පොජ්ජ මන්දු කරගන්නව (ගහ ගන්නව), කටපිච්චෙන කුඩු පොජ්ජ (මිරිස් කුඩු) මන්දු කරගන්නව. මේවා පහත් තැනේ වැඩපොජ්ජවල්."

"මේ ලා කැකුලො (කුඩා ළමුන්ම) මන්දු කරන වැඩ පොජ්ජවල්. ලා කැකුලො එකමට එකතු තැන මන්දු වුනාම ගුටි පොජ්ජ මන්දු කර ගන්නවා. හැපුම් පොජ්ජ මන්දු කරනවා (සපා කනවා). ඒ ලා කකුලන්ගේ වැඩ පොජ්ජවල්."

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

තමන් ඇතුළු කණ්ඩායම සඳහා වෙන් කර තිබු කුටිය වෙත පැමිණි සමහරෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්වන ලද දක්ෂතා සඳහන් කරමින් ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කළ බව වන්නියල ඇත්තෝ සඳහන් කළේය.

"සමහරු මගේ බෙහෙත්, ඖෂධ වර්ග බලල හොඳයි කිවුව. ශ්‍රී ලංකාව කියන බෝඩ් එක දැක්කම තවත් සමහර අයගේ මුහුණු අඳුරු වුනා."

රටේ නායකයන් සහ සාමාන්‍ය ජනතාව බලය ගැන පමණක් සිතේ තබා ගැනීම මෙවැනි තත්ත්වයක් ඇති වීමට බලපා ඇති බව ඔහුගේ අදහසය.

"ජනතාවත් සියලු නායකයොනුත් කල්පනා කරන්න ඕන අපේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය රැක ගන්න ඕන කියන කාරණය."

ගම්මාන 62 කට අයත් ලක්ෂ පහක පමණ ආදිවාසීන් පිරිසකගේ නායකයා ලෙස ඌරුවරිගේ වන්නියල ඇත්තෝ ක්‍රියා කරයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්මාන 62 කට අයත් ලක්ෂ පහක පමණ ආදිවාසීන් පිරිසකගේ නායකයා ලෙස ඌරුවරිගේ වන්නියල ඇත්තෝ ක්‍රියා කරයි.

පිල් මාරුව

අද වනවිට රට ආණ්ඩුවකින් පාලනය වේද නැද්ද යන්න පිළිබඳ බොහෝ දෙනාට සිතා ගැනීමට නොහැකි වී ඇති බවත් වන්නියල ඇත්තෝ සඳහන් කළේය.

බලය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීම කිසිලෙසකින් අනුමත කළ නොහැකි බව කී ආදිවාසි නායකයා, "ඒ පැත්තට 2ක් වැඩිනම් ඒ පැත්තට තමා බලය. මේ පැත්තට 2 ක් වැඩිනම් මේ පැත්තටයි බලය," යනුවෙන් පැවසීය.

BBC

මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ මහජනතාවගේ කතිරයෙන් බැවින් වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ මහජන නියෝජිතයන්ගේ කැමැත්ත නොව මනාපය ලබා දුන් මහජනතාවගේ කැමැත්තට ප්‍රමුඛත්වයක් ලැබිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

"මම කතා කරන්නෙ නැහැ අර ජාතිය මේ ජාතිය ගැන. මේ හැම දෙයක්ම විකාරයක්. මිනිස්සු හැටියට මේ ලෝකෙට ඉපදුනේ එක්කෙනයි අපි සියලු දෙනාම මේ රටේ සහයෝගයෙන් එකට ජිවත් විය යුතුයි."

මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ රටේ ආගමික නායකයන් සියලු දෙනාම එක්ව තීරණයකට පැමිණිය යුතු බව ආදිවාසී නායකයාගේ අදහසය.

ඇතැම් ආගමික නායකයන් තමන් වෙත පැමිණෙන ඕනෑම දේශපාලනඥයෙකුට "පිරිත් නූල් බැඳ" ආශීර්වාද කරන බව කී ඌරුවරිගේ වන්නියල ඇත්තෝ ආගමික නායකයන් ද පක්ෂවලට සහාය දීම විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව කියා සිටියේය.

මෙවැනි ගැටුම්කාරී මොහොතකදී මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් ඇතුලු සියලුම ආගමික නායකයින් එකතුව රටේ ගැටලුව විසඳා ගැනීම සඳහා නායකයන්ට උපදෙස් ලබා දිය යුතු බව ආදිවාසී නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගම්මාන 62 කට අයත් ලක්ෂ පහක පමණ ආදිවාසීන් පිරිසකගේ නායකයා ලෙස ඌරුවරිගේ වන්නියල ඇත්තෝ ක්‍රියා කරයි.