ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "එජාපය ශක්තිමත් කරන්න තීරණය කළා" - වසන්ත සේනානායක

Facebook/Wasantha_Senanayake

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Wasantha_Senanayake

පසුගිය ඔක්තෝබර් 26 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකරනු ලැබූ අවස්ථාවේ සිට, වසන්ත සේනානායක යනු වත්මන් දේශපාලන අර්බුදයට අදාළව වඩාත්ම කතාබහට ලක් වූ දේශපාලනඥයෙකි.

වසන්ත සේනානායක පිළිබඳව නැවත කතාබහ ඇතිවන්නේ සඳුදා (26) ඔහු නැවත එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමත් සමගය.

පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් විවිධ අසාධාරනකම් සිදුවූ බවත්, නමුත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ගැටලු මතුව ඇති බවත් වසන්ත සේනානායක පැවසුවේය.

කෙසේ වෙතත්, "මට තනතුරු ලබාදුන් ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි ..... ඔවුන්ගේ බෙල්ල කැපුවා වගේ ඔවුන්ව පාවාදීමක් වෙලා තියෙනව නම් මම ඔවුන්ගෙනුත් සමාව ඉල්ලනවා, මොකද ඒ දෙන්න මට ඇත්තට ම ගෞරව කරන දෙන්නෙක්," යනුවෙන් වසන්ත සේනානායක මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

තමන් යන තීරණයත් ආපසු එන තීරණයත් ගත්තේ ඉතා අපහසුවෙන් බවද ඔහු අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.

"අපේ මිනිහාගේ පැහැදිළි රූපය" යනුවෙන් සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වසන්ත සේනානායක පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටි ආකාරය ට්විටර් පණිවුඩයක් හරහා නිකුත් කළේය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කරන අවස්ථාවේ වසන්ත සේනානායක, රනිල් වික්‍රමසිංහ රජයේ විදේශ කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය ධුරය දරමින් සිටියේය.

එහෙත්, ඊට ඉහතදී ඔහු කිහිපවතාවක්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය විවේචනය කළ අතර 2018 වසරේ පෙබරවාරි 25 වෙනි දා සිදු කළ කැබිනට් සංශෝධනයෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ, එය "කොමඩි නාට්‍යයක්" බවය.

එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ අගමැති පදවියෙන් ඉවත් විය යුතු ද? යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, "ඒ වෙනස හොඳින් හෝ නරකින් සිද්ධ වේවි" යනුවෙනි.

තවත් පුවත්:

කෙසේ වුවත්, ඉන් මාස කීපයකට පසු අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාභංග යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ, ඔහු අගමැතිවරයාට පක්ෂව සිය ඡන්දය භාවිත කළේය.

ඔක්තෝබර් 26 අගමැති මාරුවෙන් පසු:‍

  • ඔක්තෝබර් 28

ඉරිදා (28) දිවයිනට පැමිණි අවස්ථාවේ වසන්ත සේනානායක මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ආරාධනයක් තිබීම, සේවය කළ හැකි වීම සහ තමා පත් කරගත් පොළොන්නරු ජනයාගේ කැමැත්ත යන කාරණා තුන මත තමා තීරණයක් ගන්නා බවය.

Maithipala Sirisena/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Maithipala Sirisena/Facebook

  • ඔක්තෝබර් 29

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති පදවියට පත්කරන ලද මහින්ද රාජපක්ෂගේ නව රජය යටතේ වසන්ත සේනානායක සංචාරක හා වනජීවී කැබිනට් අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමන් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු බවත් පක්ෂයට "නිවැරදි නායකයා බිහි වෙනකල් මම ආණ්ඩුවට සහයෝගය දෙනවා," යනුවෙනි.

ඉන් දින කීපයකට පසුව ඔහු සංචාරක අමාත්‍යවරයා වශයෙන් මහා බ්‍රිතාන්‍යයේ පැවති ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයකට ද සහභාගි විය.

  • නොවැම්බර් 14පාර්ලිමේන්තුව රැස්වීමට පෙර

නොවැම්බර් 14 වෙනි දා පාර්ලිමේන්තුව රැස්වීමට පෙර බීබීසී සිංහල සේවය සමග සජීවී සංවාදයකට එක්වෙමින් වසන්ත සේනානායක සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ බහුතරය විමසීමේ ඡන්දයක් පැවතියහොත් එහිදී තමන් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටින බවය.

එහෙත්, ආණ්ඩුවට එරෙහිව විශ්වාසංග යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව සලකා බලන බව ද ඔහු ඒ අවස්ථාවේ කියා සිටියේය.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

  • නොවැම්බර් 14 පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු

ජනාධිපතිවරයා පත් කළ අගමැති මහින්ද රාජපක්ෂ සහ රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්මත වීමෙන් පසු වසන්ත සේනානායක මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සමග පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

ඊට පෙර එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායකයා සමග වීදුරුවලින් ආවරණය වූ පාර්ලිමේන්තුවේ කාමරයකදී වසන්ත සේනානායක යම් ලේඛණයකට අත්සන් තබනු මාධ්‍ය වාර්තා කර තිබුණි..

ඉන් අනතුරුව ඔහු ප්‍රකාශ කළේ, රජයට බහුතරය නැති බව තහවුරු වූ හෙයින් තමන් බලය ඇති පාර්ශ්වය සමග එක්ව ජනතාවට සේවය කරන බවය.

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

  • නොවැම්බර් 21

කෙසේ වුවත් නොවැම්බර් 14 වන දා එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බව කී වසන්ත සේනානායක, බදාදා (නොවැම්බර් 21) යළිත් වරක් සංචාරක හා වනජීවී කැබිනට් අමාත්‍යවරයා ලෙස කැබිනට් රැස්වීමට සහභාගි විය.

මේ හේතුව නිසා වසන්ත සේනානායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ මත පළ කර තිබෙනු දැකිය හැකිය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

පිල් මාරු කළ අනෙක් දේශපාලනඥයෝ

මේ අතර, වත්මන් දේශපාලන අර්බුදය ආරම්භ වූ ඔක්තෝබර් 26 වන දා සිට පාර්ශව දෙකට හුවමාරු වුණු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම සිටිති.

වඩිවේල් සුරේෂ් එකම පස්වරුවේ රනිල් වික්‍රමසිංහට සහය පළ කර පසුදින උදෑසන මහින්ද රාජපක්ෂ සමග අත්වැල් බැඳ ගත්තේය.

එහෙත් ඉන් අනතුරුව ඔහු යළිත් වරක් රනිල් වික්‍රමසිංහ පාර්ශවයට එක් වූ අතර, මේ අවස්ථාවේ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා සහය දක්වන්නේ කවර පාර්ශවයකට ද යන්න සම්බන්ධයෙන් පරස්පර විරෝධී වාර්තා පළවෙමින් පවතී.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගෙන රජයට සහය දැක්වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දෙමළ ජාතික සන්ධානයේ එස් වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ද නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසින් පත්කරනු ලැබීය.

අනෙක් අතට, පියසේන ගමගේ, ඒ එච් එම් ෆවුසි සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරු මුලින් මහින්ද රාජපක්ෂ පාර්ශවයට සහය පළකරමින් නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුරවල ද දිවුරුම් දී පසුව යළිත් වරක් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පාර්ශවයට සහය පළ කළහ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද අලුත්ගමගේ සහ අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරු ද ඔක්තෝබර් 26 වෙනි දින සිට මහින්ද රාජපක්ෂ පාර්ශවයට සහය පළකරමින් සිටිති.

තවත් කියවන්න: