ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තුවාල ලබති

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය අතරතුර මන්ත්‍රීවරුන් සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් තුවාල ලැබූහ.
මේ අතර තමන්ට මිරිස් මිශ්‍ර වතුර ප්‍රහාරයක් එල්ලවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.


ඡායාරූප මූලාශ්‍රය, UNP/Facebook
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ, මහින්ද රාජපක්ෂ ප්රමුඛ රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දෙවන වරටත් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවය.
මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ මලික් සමරවික්‍රම ද තහවුරු කළහ.
පාර්ලිමේන්තුව නැවත නොවැම්බර් 19 වෙනි සඳුදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම ප්‍රකාශ කළේය.








