ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව කතානායක ජනපතිට දන්වයි

Sri Lanka Parliament

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Parliament

රජයට එරෙහිව සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරු ජයසූරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම් දීමට පියවර ගත් බව කතානායක කාර්යාලය නිවේදනය කළේය.

විශ්වාස භංග යෝජනාව

සිකුරාදා (16) දින සම්මත වූ විශ්වාස භංග යෝජනාවේ, "ගරු කතානායකවරයා විසින් නිකුත් කරන ලද 2018 නොවැම්බර් මස 15 වන දින දරන නිවේදනය ප්‍රකාරව 2018 නොවැම්බර් මස 14 වන දින ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවේ අංක 02 දරන යෝජනාව සම්මත වූ හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය විසුරුණු බවට වන නිල ප්‍රකාශය මෙම ගරු සභාව පිළිගන්නා අතර,

මෙම ගරු සභාව 2018 ඔක්තෝබර් මස 26 දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ගරු මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව යෝජනා කර සිටියි," යනුවෙන් සඳහන් වන බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Speaker's Office

ඡායාරූප මූලාශ්‍රය, Speaker's Office

මින් පෙර වාර්තාකරණය

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට එරෙහි නව විශ්වාස භංගය සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ, මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව දෙවන වරටත් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බවය.

මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ මලික් සමරවික්‍රම ද තහවුරු කළහ.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

facebook.com/UNPofficialpage

ඡායාරූප මූලාශ්‍රය, facebook.com/UNPofficialpage

ඡායාරූප ශීර්ෂ වැකිය, කතානායකවරයා සභා ගැබට කැඳවන ලද පොලිස් නිලධාරීන්ට ද මිරිස් වතුර ප්‍රහාර එල්ල වූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි

දෙවන වාර්තාකරණය

Twitter/Harsha De Silva

ඡායාරූප මූලාශ්‍රය, Twitter/Harsha De Silva

පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබූ අතර කතානායක කරු ජයසූරිය පොලිස් ආරක්ෂාව යටතේ වෙනත් ස්ථානයක සිට පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවීමට තීරණය කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු වූහ.

කතානායකවරයා තීරණය කර ඇත්තේ, විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමටය.

BBC

මේ අතර, පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුව කටයුතු කරන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉල්ලා තිබිණි.

ඔහු එහි සඳහන් කර ඇත්තේ, කිසිදු හේතුවක් මත පාර්ලිමේන්තුව කල් නොතබන බවය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

පාර්ලිමේන්තුවට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂට පාර්ශවයට සහය දක්වන මන්ත්‍රීවරුන් සහ පොලිසිය අතර ගැටුමක් ද ඇති විය.

Harsha De Silva/Twitter

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Twitter

එම තත්ත්වය උද්ගත වී ඇත්තේ, මහින්ද රාජපක්ෂට සහය පළ කරන මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක ආසනය වට කරගෙන කරු ජයසූරියට එම ආසනයේ අසුන් ගැනීමට ඉඩ නොදීම හේතුවෙනි.

පළමු වාර්තාකරණය:

අප වාර්තාකරු පැවසුවේ, කතානායක ආසනය මත පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු වාඩි වී සිටි බවය.

මේ අනුව, පස්වරු 1.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ පාර්ලිමේන්තුවේ කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි විය.

BBC

කියවන්න:

තමන් ව්‍යවස්ථාව කඩවන අන්දමේ කටයුත්තක් නොකරන බවත්, ඒ අනුව නැවත පාර්ලිමේන්තුව කල් දැමීමට අපේක්ෂා නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (නොවැම්බර් 15) සවස පක්ෂ නායකයන් සමග පැවති හමුවේදී ප්‍රකාශ කළ බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

බදාදා ඉදිරිපත් කළ විශ්වාස භංගයේ පළමු කරුණ තමන්ට එරෙහිව ඉදිරිපත් වූවක් බැවින් සහ පිළිගත නොහැකි කරුණක් බැවින් අලුත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා මෙම හමුවීමේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නැවත විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසීය.

එබැවින් සිකුරාදා (නොවැම්බර් 16) නැවත වතාවක් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු පැවසීය.