ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තු සභා ගර්භයේ ගැටුම් තත්ත්වයක්

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Facebook
අගමැති ධුරයට පත් කෙරුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය සිදු කිරීමෙන් අනතුරුව එහි දැඩි උණුසුම් වාතාවරණයක් හට ගැනිණි.
මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රතිවාදී කණ්ඩායම්වලින් බාධා එල්ල වූ අතර පසුව මෛත්‍රීපාල - මහින්ද පාර්ශ්වයට සහය පළ කරන මත්රිවරුන් කතානයකවරයා අසලට පැමිණීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.
පසුව එම තත්ත්වය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය විය.
පාර්ලිමේන්තුව ආරම්භ කරමින් කතානායක කරු ජයසුරිය බ්‍රහස්පතින්දා කියා සිටියේ විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ඇති බැවින් අගමැති ධුරය සහ සියලුම ඇමති ධුර කිසිවක් වලංගු නොවන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Facebook
ඉන් අනතුරුව මන්ත්‍රීවරයෙකු වශයෙන් ප්‍රකාශයක් කිරීමට මහින්ද රාජපක්ෂ වෙත අවස්ථාව ලබා දෙන ලදී.
සිය ප්‍රකාශය කරමින් හිටපු ජනපතිවරයා කියා සිටියේ "ජනාධිපති ධුරයේ සහ අගමැතිති ධුරයේ කටයුතු කර ඇති තමන්ට තනතුරු වැදගත් නොවන" බවය.
පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී වාතාවරණයක් හට ගැනුණේ ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කෙරුණු මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය සිදු කිරීමෙන් අනතුරුවය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
එම විශේෂ ප්‍රකාශයේදී මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියේ, මහ මැතිවරණයක් පැවැත්වීමට කැමැත්ත ලබා දෙන ලෙසය.
එහෙත්, මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ගෙන ආ යෝජනාවකට ඡන්දය විමසීමට සූදානම් වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Twitter

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Facebook
පාර්ලිමේන්තුව තුළ මතු වූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දිලුම් අමුණුගම සහ ආනන්ද අලුත්ගමගේ මයික්‍රෆෝනයක් ගැලවීමට උත්සාහ කළ අතර එහිදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා තුවාල ලබා තිබේ.
කතානායක කරු ජයසුරිය වෙත කූඩයකින් දමා ගසා ඇති අතර ඉන් පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පොර බැදුහ.
පිරිසක් පොළොව මත පෙරළුණු අතර කතානායකවරයාට බැණ වදිමින් පිරිසක් ඔහුට පරිභව කළහ.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති උණුසුම් තත්ත්වය හේතුවෙන් පසුව කතානායක කරු ජයසූරිය අසුනින් නැගිට පිටව ගියේය.
මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Twitter

ඡායාරූප මූලාශ්‍රය, Harsha De Silva/Twitter









