ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැලිකඩ කාන්තා රිමාන්ඩ් බන්ධනාගාරයේ වහල මත විරෝධතා
මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලබා වැලිකඩ කාන්තා රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකාරියන් 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් සිර මැදිරියේ වහල මත උපවාසයක යෙදී සිටිති.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්ෂ ඇමතූ අවස්ථාවේදී අධිකරණ ක්‍රියා මාර්ග කඩිනම් කරන ලෙස ඉල්ලා ඔවුන් මෙසේ උපවාසයක නිරතවන බව තහවුරු කළේය.
සඳුදා (අගෝස්තු 13) උදෑසන සිට ආරම්භ වූ උපවාසයට සම්බන්ධවූවන් මේ වනවිටත් කාන්තා සිරමැදිරියේ වහල මත සිටින බවත් ඔහු පැවසීය.
මිට අමතරව වෙනත් හේතුවක් තිබෙන්නේ යයි තමන් විශ්වාස කරන බවත් මාධ්‍ය ලේකම්වරයා පැවසීය.
"අපි පහුගිය සතියේ මෙතන හිටපු ජේලර්තුමිය මාරු කළා. එයාගෙ අදෘෂ්‍යමාන හස්තයක් කියල තමයි අපි නම් විශ්වාස කරන්නෙ," අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, නලින් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
අමාත්‍යාංශ මට්ටමින් ගෙන ඇති පියවර කුමක්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් ඔහු, "විශේෂ පියවරක් ගෙන නැහැ. ඔවුන්ට උපවාස කරන්න අයිතියක් තියෙනවා. ඔවුන් ඉල්ලන දේවල්වලට උත්තර බඳින්න සාධාරණ බවක් තියෙනව කියල මම හිතන්නෙ නැහැ," යනුවෙන් පැවසීය.
විරෝධතාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ තමන් වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවරයාට උපදෙස් දී තිබෙන බව ඒ පිළිබඳ මාධ්‍යවේදීන් විමසීමක් කළ අවස්ථාවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ කියා සිටියාය.
"වහලේ උඩ නෙමෙයි කොහේ නැග්ගත් යන පිළිවෙලට යනව මිසක් අපිට වෙනසක් කරන්න බෑ. ඕන කෙනෙකුට උද්ඝෝෂණ කරන්න පුලුවන්," යනුවෙන් ද ඇමතිවරිය කියා සිටියාය.