වැඩ බලන කැබිනට් ඇමතිවරුන් හතර දෙනෙක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් අනතුරුව ඉල්ලා අස්වූ කැබිනට් ඇමතිවරුන් යටතේ පැවති විෂයයන් භාරව කටයුතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් වැඩ බලන ඇමතිවරුන් හතර දෙනකු පත් කරනු ලැබ ඇත.
එස්. බී. දිසානායක,දයාසිරි ජයසේකර,චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න සහ සුසිල් ප්‍රේමජයන්ත් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමතිවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.
අනතුරුව ඔවුන් පදවිවලින් ඉවත්වීම නිසා ඇති වූ පුරප්පාඩු පිරවීමේ දී විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයේ සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සරත් අමුණුගම ඇමතිවරයා වෙත පවරනු ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, face book
ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ බලන ඇමතිවරයා ලෙස රංජිත් සියඹලාපිටිය ඇමතිවරයා පත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ බැලීම ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට පවරා ඇත.
ඒ අතරවාරයේ සමාජ සවිබල ගැන්වීමේ හා කම්කරු අමාත්‍යංශයේ වැඩ බැලීම මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ කාර්යයක් වෙයි.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමතිවරු හයදෙනෙක්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් නව දෙනෙක් සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ඊට පක්ෂව ඡන්දය දුන්හ.
එසේ ඡන්දය දුන් කැබිනට් ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් කටයුතු කරමින් සිටියහ.
සබැඳි පුවත්;









