ෆේස්බුක් තහනම: 'ප්‍රතිචාරය මන්දගාමීයි'

facebook

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දැනට පවතින ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීම ඉවතලීම පිණිස වෛරී ප්‍රකාශන ඉවත් කරන බවට ෆේස්බුක් ආයතනය කර ඇති ප්‍රකාශය නිල වශයෙන් ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ආණ්ඩුව පවසයි.

එම ප්‍රකාශය ලැබුණු සැනින් සමාජ මාධ්‍ය තහනම ඉවත්කිරිමට රජය කටයුතු කරන බව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියේය.

වෛරී ප්‍රකාශන ඉවත් කරන ලෙස රජය නිල වශයෙන් ෆේස්බුක් ආයතනයට කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර හිමි වී තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, කෙසේ වෙතත් එම ප්‍රකාශන ඉවත්වීම ඉතා මන්දගාමීව සිදුවන බවත් සඳහන් කළේය.

"ෆේස්බුක් එක කියනවා, සිංහල පරිවර්තකයන් අඩු නිසා ඔවුන්ට යම් කාලයක් අවශ්‍ය බව. නමුත් අපි ඔවුන්ට දැනුම් දුන්නා මේක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් කියලා."

සබැඳි යොමු:

සිංහල භාෂාව කියවිය හැකි සේවකයන් බඳවා ගැනීමට ෆේස්බුක් ආයතනය කටයුතු කළ යුතු බව ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා නීති රීති සම්පාදනය කළ යුතුව තිබෙන බව මේ අතර කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේය. වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ යමක් ප්‍රකාශ කරනවිට එහි වගකීම භාරගන්නා පුද්ගලයෙක් සිටිය යුතු බව ද වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ මතය වී තිබේ.

මේ අතර ෆේස්බුක් සමාජ ජාලය අවහිර කිරීම සම්බන්ධයෙන් රජයට එල්ලවෙමින් තිබෙන විරෝධය දැඩි ලෙස ඉහළ යමින් පවතී. මුල් අවස්ථාවේදී ජාතිවාදී ගැටුම් පාලනය සඳහා බොහෝ දෙනා ඊට එකඟතාව පළ කළ බව දක්නට ලැබුණත් මේ වනවිට ගැටුම් පාලනය කර ඇති අවස්ථාවක එය තවදුරටත් තහනම් කිරීම ගැන බොහෝ දෙනා විරෝධය පළ කරති.

සමාජ ජාල වාරණය ගැන විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් ද අවධානය පළ කර තිබුණි.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ අසත්‍ය තොරතුරු ෆේස්බුක් ඔස්සේ පළකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලද කොළඹ පාසලක සිසුවකු ලබන 26 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳුදා (මාර්තු 12) නියෝග කළේය.

තවත් කියවන්න: